Google සමාගමේ වාර්ෂිකව පැවැත්වෙන hardware event එක වන Made by Google event එකේ මේ වර්ෂය සඳහා වූ event එක ඊයේ දිනයේ New York නගරයේදී පැවැත්වීමට කටයුතු කළා.

ලොව පුරා බොහෝ දෙනෙකු මේ event එක දෙස නොයිවසිල්ලෙන් බළා සිටින්නේ මෙහිදී ප්‍රධාන වශයෙන්ම Google Pixel ජංගම දුරකථන මාලාවේ අලුත්ම ජංගම දුරකථනය එළිදැක්වීමට කටයුතු කරන නිසාවෙන් වන අතර, මීට අමතරව තවත් සුවිශේෂී තාක්ෂණික උපාංග රැසක් එළිදැක්වීමට Google සමාගම කටයුතු කරනු ලැබුවා.

Android, Chromecasts, Chrome වලට Game Stream කරන Google සමාගමේ Stadia Cloud Gaming සේවාව
Project Stream නමැති ව්‍යාපෘතියක් හරහා Chrome Browser එක හරහා high-end gamesplay කිරීමේ හැකියාව අත්හදා බැලූ බව[/googles-project-stream-lets-you-play-high-end-games-in-google-chrome/] පසුගියවසරේ ඔක්තෝම්බර් මාසයේදී ඔබව දැනුවත් කළා මතක ඇති. මේ දින වල පැවැත්වෙන Game Developers Conference (GDC) 2019…
Google Stadia

Google සමාගම විසින් හඳුන්වාදුන් Google Stadia game streaming සේවාව මීළඟ නොවැම්බර් මස 19 වැනි දින නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බවත්, එය මාසිකව ඩොලර් 10කට මිළ නියම කර ඇති බවත් ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවා.

මේ අනුව නොවැම්බර් 19 වැනි දින සිට Chromecast හරහා TV වලත්, Pixelbook පරිගණක වල මෙන්ම Google Pixel ජංගම දුරකථන වලද ජනප්‍රිය පරිගණක ක්‍රීඩා play කිරීමේ හැකියාව ලැබෙනවා.

Google Pixel Buds

Apple සමාගමේ Airpods වලට සමාන Google Pixel Buds වල මීළඟ සංස්කරණය මෙහිදී එළිදැක්වුණු අතර, මෙය කාමර තුනක් හෝ ෆුට්බෝල් පිට්ටනියක දිග පමණ දුරකදී වුවත් සම්බන්ධතාවය පවත්වා ගතහැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.

"Hey Google" විධානය හරහා Google Assistant පහසුකම භාවිතා කිරීමේ හැකියාව මේ Pixel Buds වලට අන්තර්ගත කර ඇති අතර, පරිශීලකයා සිටින පරිසරයේ ඇති ශබ්ධයට අනුව එහි volume එක අඩු වැඩි කරගැනීමටත්, background noise ඉවත් කරගැනීමට හැකියාව ඇති බවත් වරක් charge කළ විට පැය 5ක් දක්වා එක දිගට භාවිතා කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ අලුත් Pixel Buds ලබන වසරේ මාර්තු - ජුනි අතර කාලයේදී වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බවත්, මෙහි මිළ ඇමෙරිකානු ඩොලර් 179ක් වන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.

Pixelbook Go

Google සමාගමේ මීළඟ flagship Chromebook එක Pixelbook Go නමින් හඳුන්වනු ලබන අතර මෙය අඟල් 13.3ක display එකකින්, 16GB RAM එකකින් සහ 256GB storage එකකින් සමන්විත වෙනවා.

වරක් charge කළ පසු පැය 12ක් දක්වා භාවිතා කිරීමේ හැකියාව මෙයට ඇති අතර ‍ඇමෙරිකානු ඩොලර් 649ක මුදලකට මෙය අලෙවි කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

Nest WiFi

Google සමාගම ඔවුන්ගේ Google Nest product මාලාවට Nest Wifi නමින් අලුත් router එකක් හඳුන්වාදීමට කටයුතු කළ අතර, එය smart speaker එකක්, එමෙන්ම Google Home device එකක් ලෙස ද ක්‍රියාත්මක වෙනවා.

මෙය මීළඟ නොවැම්බර් 4 වැනි දින සිට වෙළඳපොලට නිකුත් කිරීමට සූදානමින් පවතින අතර devices දෙකක් මිලදීගන්නා විට ඩොලර් 269ක මුදලකටත්, 3ක් මිලදීගන්නා විට ඩොලර් 349ක මුදලකටත් ලබාදීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

Nest Mini

Google Home Mini ලෙස මේ දක්වා හැඳින්වුණු කුඩා smart speaker එක ‍දැන් Nest Mini ලෙසින් හඳුන්වනු ලබන අතර එය කිසිඳු adapter එකක් නොමැතිව භාවිතා කළ හැකි ලෙසත්, බිත්තියේ එල්ලා තැබිය හැකි ලෙසත් නිර්මාණය කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මීට පෙර නිකුත් කළ සංස්කරණයට වඩා දෙගුණයකින් පමණ Bass වැඩි බවත්, ඉතාමත් වේගවත් ලෙස ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලබාදීම සඳහා machine learning chip එකක් එයට අන්තර්ගත කිරීමටත් කටයුතු කර තිබෙනවා.

මෙය නොවැම්බර් 22 වැනි දින වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර ඇමෙරිකානු ඩොලර් 49ක් ලෙස මිළ නියම කර තිබෙනවා.

Pixel 4 සහ Pixel 4 XL

පසුගිය මාස කිහිපය තුළ විශාල ලෙස අන්තර්ජාලය පුරා කතාබහට ලක් වූ පරිදි Google Pixel 4 ජංගම දුරකථනය සතුව Soli Chip එකක් අන්තර්ගත වන අතර Fingerprint sensor එක වෙනුවට Face unlock තාක්ෂණය භාවිතා කිරීමට කටයුතු කර තිබුණා.

Pixel 4 ජංගම දුරකථනයේ Face Unlock සහ Soli Gestures භාවිතා වෙන බව Google සමාගම සනාථ කරයි
පසුගිය ජුනි මාසය අතරතුර Google සමාගම විසින් ඔවුන්ගේ මීළඟ ජංගම දුරකථනය වන Pixel 4ජංගම දුරකථනයේ පෙනුම පිළිබඳව අනාවරණයක් සිදු කිරීමට කටයුතු කළා මතක ඇති. ඔන්න දැන් නැවතත් වරක් Pixel 4 ජංගම දුරකථනයේ face unlock පද්ධතිය හා gesturesystem එක පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනව…

Pixel 4 සහ Pixel 4 XL ජංගම දුරකථන ද්විත්වයම Snapdragon 855 chipset එකකින් බළගැන්වෙන අතර 6GB RAM එකකින් ද සමන්විත වෙනවා.

Soli radar chip එක භාවිතා කරමින් ජංගම දුරකථනය touch කිරීමෙන් තොරව ගීත අතර මාරු වීම, alarm එක නැවැත්වීම සහ ඇමතුමක් ලැබෙන විට දුරකථනය silent කිරීම වැනි කටයුතු සිදු කිරීමේ හැකියාව තිබෙනවා.

මෙහි අන්තර්ගත වන sensors භාවිතා කරමින් Motion Sense නම් වූ පහසුකමක් නිර්මාණය කිරීමට මොවුන් කටයුතු කර ඇති අතර, Pixel 4 ජංගම දුරකථනය අතට ගන්නා විට මේ Motion Sense හරහා Camera එක සහ Face unlock සඳහා වන අනෙකුත් sensors සූදානම් කරනු ලබන නිසාවෙන්, ඉතාමත් වේගවත් සහ ආරක්ෂාකාරී Face Unlock පහසුකමක් මෙම ජංගම දුරකථනයේදී දැකගතහැකි වෙනවා.

Pixel ජංගම දුරකථන මාලාව එහි අන්තර්ගත වන camera එක සහ image processing පිළිබඳව ඉතාමත් ප්‍රසිද්ධියට පත් වන දුරකථන මාලාවක් වූ අතර මෙවර Pixel 4 ජංගම දුරකථනය හරහා ද mobile photography නව මානයකට යොමු කිරීමට මොවුන් සමත් වී තිබෙනවා.

මෙතෙක් නිකුත් කළ සෑම Pixel ජංගම දුරකථනයකම rear camera එකට තනි camera එකක් භාවිතා වූ අතර මෙහිදී 12.2 MP (f/1.7) wide සහ 16 MP (f/2.4) telephoto lense එකක් සහිත camera ද්විත්වයක් අන්තර්ගත වන අතර astrophotography, එහෙමත් නැතිනම් තාරකා හෝ ආකාශයේ ඡායාරූප ලබාගැනීමට මේ camera පද්ධතියට හැකියාව තිබෙනවා.

බොහෝ අවස්ථා වලදී HDR වැනි තාක්ෂණයන් භාවිතා කරනු ලබන විට display එක මත අපි දකින පෙනුමට වඩා ඡායාරූපය ලබාගෙන එය process කළ පසුව පෙනුම වෙනස් වන අතර මේ Pixel 4 camera එකේ Live HDR Plus පහසුකම හරහා එම බාධකය ඉවත් කිරීමට Google සමාගම සමත් වී තිබෙනවා.

මීට අමතරව Portrait mode photos ලබාගැනීම සඳහා මෙහි අන්තර්ගත වන camera ද්විත්වයම භාවිතා කරනු ලබන අතර පසුගිය සංස්කරණ වල පැවති දුර්වලතාවයක් වුණු ඇතැම් අනවශ්‍යය කොටස් blur වීම වැනි දුර්වලතා මෙහිදී මගහරවාගෙන තිබෙනවා.

එමෙන්ම wide-angle portrait mode photos ලබාගැනීමටත්, විශාල වස්තූන් භාවිතා කරමින් macro ආකාරයේ photos ලබාගැනීමටත් මේ හරහා හැකියාව ලැබෙනවා.

Camera එකට අමතරව ඉතාමත් ප්‍රයෝජනවත් වන පහසුකමක් වන voice recording පහසුකම වෙනුවෙන් අලුත් app එකක් හඳුන්වාදීමට Google සමාගම කටයුතු කළ අතර මෙහිදී අදාල voice clip එක record වන අතරතුරදීම එහි text transcription එකක් නිර්මාණය කර save කරගැනීමටත්, අදාල voice record එක ඇතුලත ඇති දේ පිළිබඳව search කිරීමේ හැකියාව ඇතුලත් කිරීමටත් මොවුන් කටයුතු කර තිබෙනවා.

තවත් අලුත් පහසුකම් රාශියක් සමඟින් මේ Pixel 4 ජංගම දුරකථනය ඔක්තෝම්බර් 15 වැනි දින සිට pre-order කිරීමේ හැකියාව ලබාදීමටත්, ඔක්තෝම්බර් 24 වැනි දින සිට වෙළඳපොලට නිකුත් කිරීමටත් තීරණය කර තිබෙනවා.

මේ සියළුම අධිතාක්ෂණික උපාංග සමඟින් පරිසර හිතකාමී ලෙස තම නිෂ්පාදන කටයුතු සිදු කිරීම කෙරෙහි ද Google සමාගමේ අවධානය යොමු වී ඇති අතර, 2019 වර්ෂයේ නිශ්පාදනය කරනු ලැබූ සියළුම Google Nest නිෂ්පාදන වලට ප්‍රතිචක්‍රීකරණය කළ අමුද්‍රව්‍යය යොදාගැනීමටත්, පුනර්ජනනීය බළශක්ති ප්‍රභවයන් භාවිතා කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 150ක් පමණ ආයෝජනය කිරීමටත්, 2022 වර්ෂය වන විට Google සමාගමේ සියළුම නිෂ්පාදන කිරීම සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ අමුද්‍රව්‍යය යොදාගැනීමට බළාපොරොත්තු වන බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියා.

Made by Google 2019 event එක නිළ Made by Google YouTube Channel එක හරහා සම්පූර්ණයෙන්ම නැරඹීමේ හැකියාව මේ වන විට ලබා දී තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.