TikTok හි නිර්මාණකරුවන්ට සහ ඔවුන්ගේ රසිකයන්ට charity කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කිරිමේ හැකියාව පහසු කිරිමට කටයුතු කර තිබෙන බව ප්‍රකාශ කර සිටිනවා.

TikTok App එක මගින් කෙලින්ම තමා කැමති charity එකක් වෙනුවෙන් අරමුදල් රැස් කිරිම සදහා නිර්මාණකරුවන්ට videos සහ live streams භාවිතා කල හැකි නව Donation Stickers හදුන්වා දීමට කටයුතු කරනු ලබන බව TikTok සමාගම නිවේදනය කර තිබෙනවා.

Donation stickers bring the spirit of giving to TikTok
By Sean Kim, Head of Product, TikTok US When it comes to inspiring joy and making positive impact, TikTok’s community truly shines. During this time of uncertainty, our community has come together an
මේ සදහා CDC Foundation, James Beard Foundation, Meals on Wheels, MusiCares, National PTA, National Restaurant Association Educational Foundation, No Kid Hungry සහ The Actors Fund වැනි ප්‍රසිද්ධ charity ආයතන හවුල් කරගෙන මෙම වැඩ කටයුතු සිදු කරන බව ඔවුන් නිවේදනය කර ඇත.

TikTok වල ඇති වෙනත් stickers මෙන්ම මේ අලුත් stickers ද ක්‍රියාත්මක වන අතර Video හෝ Live Stream එකකට මේවා අන්තර්ගත කළ හැකි බවත්, යම්කිසි විටෙක අදාල නරඹන්නන් මෙම stickers මත tap කළ අවස්ථාවක, TikTok app එකෙන් ඉවත් නොවී ඒ හරහාම මුදල් පරිත්‍යයාගයන් සිදු කිරීමේ අවස්ථාව මෙි පහසුකම හරහා ලැබෙන බව් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මෙම පරිත්‍යාගයන් මෙහෙයවනු ලබන්නේ මේ සඳහා ප්‍රසිද්ධ platform එකක් වන Tiltify platform එක හරහා වන අතර මීට පෙර මෙය Twitch platform සමඟ අන්තර්ගත කර තිබෙනවා.

TikTok සමාගම පවසන්නේ Donation Stickers හරහා මැයි 27 දක්වා ලබාදෙන පරිත්‍යාගයන් වලින් පළමු ඩොලර් මිලියන 10 වෙනුවෙන් ඔවුන් විසින් ද ඒ ආකාරයේම මුදලක් පරිත්‍යාග කිරීමට කටයුතු කරනු ලබන බවයි.

‍මේ අනුව #doubleyourimpact නම් hashtag එකක් එම stickers භාවිතා කරන videos සහ live streams සදහා automatically එකතු වන අතර, මෙම පරිත්‍යාගයන් සිදු කිරීම සඳහා පරිශීලකයින් වසය අවු. 18 ට වැඩි විය යුතුය.

Donation Stickers එකතු කල පළමු social network එක TikTok නොවේ. පසුගිය වසරේදි Facebook සහ Instagram සේවාවන් වලද ඔවුන්ගේ stories සදහා මෙවැනි features එකතු කරන ලදි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Techcrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.