Google Maps, YouTube, සහ Google Assistant යන apps, KaiOS මෙහෙයුම් පද්ධතිය මගින් බළගැන්වෙන feature phones වෙනුවෙන් නිර්මාණය කිරීමට Google සමාගම කටයුතු කරනු ලැබූ බව පසුගිය 2018 වර්ෂයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Google Maps, YouTube, සහ Assistant යන Apps KaiOS වෙනුවෙන් නිර්මාණය කිරීමට පියවර ගනියි
KaiOS [https://www.kaiostech.com] කියන්නේ ලිනක්ස් පාදක කරගෙන, feature phone සඳහානිර්මාණය කරන ලද මෙහෙයුම් පද්ධතියක්. මේක නිර්මාණය කරලා තියෙන්නේ Firefox OS[https://mozilla.org/firefoxos] එක නිර්මාණය කිරීමට බාවිතා කරන ලද Boot 2 Gecko[https://github.com/mozilla-b2g…

ඔන්න දැන්, Google සමාගම විසින් මේ KaiOS ධාවනය වන smart feature phones වලට Google Assistant හරහා Google Lens සේවාව access කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

Google Assistant සඳහා සහාය දක්වන KaiOS ජංගම දුරකථනවලට දැන් camera එක භාවිතා කරමින් search කිරීමේ හැකියාව ලැබෙන අතර මෙම විශේෂාංගය සමඟ පරිශීලකයින් හට ඕනෑම real-world text එකක් තමන්ට අවශ්‍ය භාෂාවට පරිවර්තනය කිරීමට හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් මෙම විශේෂාංගය තවමත් ලබාදී ඇත්තේ ඉන්දියානු පරිශීලකයින් සඳහා පමණක් වන අතර, Camera-based translation පහසුකම දැනට ඉංග්‍රීසි මෙන්ම හින්දි, බෙංගාලි, තෙළිඟු, මරාති සහ දෙමළ ඇතුළු ඉන්දියානු භාෂා කිහිපයක් සඳහා ලබා ගත හැකි බවත් එය ඉතා ඉක්මනින් තවත් භාෂාවන් කිහිපයකින් ලබාදීමට කටයුතු කරනු ඇති බවත් Google සමාගම ප්‍රකාශ කර සිටිනවා.

Google සමාගම සහ Jio ආයතනය සමඟ සහයෝගීත්වයෙන් entry-level smartphone එකක් නිර්මාණය කිරීමට සූදානම් වෙයි
ඉන්දියාවේ දැවැන්තම ටෙලිකොම් සමාගමක් ලෙස සැලකෙන Reliance Jio සමාගම[https://en.wikipedia.org/wiki/Jio] මේ වන විට e-commerce, cloud computing සහවෙනත් ව්‍යාපාර සඳහා ද පිවිස ඇති බව දැකගත හැකි වෙනවා. Reliance Jio යනු ඉන්දියාවේ විශාලතම mobile carrier වන අතර Jio එහි ලාභදායී datarates සහ විවිධ ජනප්‍රිය ය…

පසුගිය සතියේදී Google සමාගම විසින් Google for India වැඩසටහන හරහා Android සහ Play Store සහිත, දැරිය හැකි මිලකට ලබාගත හැකි smartphones නිෂ්පාදනය සඳහා Jio සමාගමත් සමඟ partnership එකක්ද ආරම්භ කරනු ලැබූ බවද අපි ඔබට වාර්ථා කළා මතක ඇති.

මේ KaiOS එක මගින් බළගැන්වෙන බොහෝ ඉන්දියානු ජංගම දුරකථන Jio ආයතනය විසින් නිකුත් කළ devices වන අතර ඉදිරියේදී Google - Jio partnership එක හරහා තවත් පහසුකම් මෙම පරිශීලකයින් හට ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය සහ India Google blog අඩවිය භාවිතා කළ හැක