ලොව අතිශය ජනප්‍රිය Music streaming හා Media service provider කෙනෙකු වන Spotify ආයතනය විසින් Apple, Android හා Spotify Desktop යන platform භාවිතා කරනු ලබන සියලුම පරිශීලකයින් සඳහා video podcast පහසුකම හඳුන්වාදීමට සූදානමින් සිටින බව ඔවුන්ගේ නිළ Newsroom එක හරහා ප්‍රකාශ කර සිටිනවා.

Spotify Free සහ Premium යන සියලුම පරිශීලකයන් හට මෙම සේවාව නොමිලේ ලබා ගත හැකි අතර දැනට Spotify Podcast සඳහා සහාය දක්වන සියලුම රටවල් වලට ද මෙම සේවාව ලබා ගත හැකි වෙනවා.

Spotify Podcast වල feed එකට navigate කිරීමෙන් මේ video podcast පහසුකම ලබාගත හැකි අතර mobile version එක තුළදී podcast video, ජංගම දුරකථනයේ ප්‍රධාන තිරයේම දර්ශනය වෙනවා.

එමෙන්ම desktop version එක භාවිතා කරන්නන් හට තිරයේ පහළ වම් කෙලවරේ හෝ Spotify Podcast Feed එක තුළ මීට අදාල වීඩියෝව පෙන්වනු ඇති බව Spotify සමාගම ප්‍රකාශ කර සිටිනවා.

මෙහි ඇති ප්‍රධානතම පහසුකම වන්නේ පරිශීලකයින් විසින් video podcast එකක් play කරන විට apps අතර මාරු වීමට හෝ අදාළ device එක lock කිරීමටද හැකියාව ලැබීමයි.

මෙහිදී මෙම video podcast වල audio එක දිගටම play වන අතර ඔබට අවශ්‍ය වන ඕනෑම අවස්ථාවක video එක නැවත open කර ගැනීමට මෙන්ම කැමති නම් audio format එකෙන්ම podcast එකට සවන් දීම සිදු කළ හැකි වෙනවා.

මේ වන විට Book of Basketball 2.0, Fantasy Footballers, The Misfits Podcast, H3 Podcast, The Morning Toast,Higher Learning with Van Lathan & Rachel Lindsay, සහ The Rooster Teeth Podcast වැනි podcasts හරහා මෙම පහසුකම භාවිතා කළ හැකි බව Spotify ආයතනය පෙන්වා දෙන අතර, ඉදිරියේදී බොහෝ podcast host කරන්නන් මෙම පහසුකම භාවිතා කරනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

කොහොම නමුත් මෙම video podcast download කරන විට download වන්නේ audio format එක පමණක් වන අතර video එක download වන්නේ නැති බවද Spotify සමාගම පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Spotify Newsroom එක, The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.