Google සමාගමේ Pixel ජංගම දුරකථන ලොව පුරා ප්‍රසිද්ධියට පත්වීමට ප්‍රධානතම හේතුව වූයේ එහි තිබුණු camera එක බව බොහෝ දෙනා දන්නා කාරණයක්.
මේ Google Camera app එක තුළ වන Night Sight, Portrait Mode සහ HDR+ වැනි software optimization නිසාවෙන් අනෙකුත් සියළුම flagship ජංගම දුරකථන camera ද්විත්වයක් මගින් කරනු ලැබූ කටයුතු Pixel ජංගම දුරකථන වලට තනි camera එකකි හරහා සිදු කරමින් වෙළඳපොල තුල ඉමහත් කීර්තියක් ලබාගැනීමට හැකියාව ලබාදෙනු ලැබුවා.
කොහොම නමුත් මේ Pixel camera එකේ computational photograpy තාක්ෂණයන් නිර්මාණය කිරීමට මූලික වුණු පුද්ගලයා වන Marc Levoy පසුගිය මාර්තු මාසයේදී Google සමාගමෙන් ඉවත් වුණු අතර, මේ වන විට Adobe සමාගම සමඟින් එකතු වීමට කටයුතු කර ඇති බව Adobe සමාගම ප්‍රකාශ කර සිටිනවා.
මේ දක්වා Google Pixel devices සඳහා සීමා වී තිබුණු මේ තාක්ෂණයන් ඉදිරියේදී ඕනෑම ජංගම දුරකථනය භාවිතා කළ හැකි ආකාරයේ අලුත් camera app එකක් හරහා ලබාදීමට Adobe සමාගම සමඟින් මොහු කටයුතු කරනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
Holy hell.
— David ImeI (@DurvidImel) July 20, 2020
Just got word that Marc Levoy, who previously led Computational Photography at Google has just joined @Adobe as a VP and fellow to work on CP initiatives, as well as a "Universal Adobe Camera App" 👀
He'll be working on the Photoshop Camera, research and sensei teams
මේ අනුව Marc Levoy ඉදිරියේදී Photoshop Camera, Adobe Research, සහ Sensei AI කණ්ඩායම සමඟින් කටයුතු කරනු ඇති බව වැඩිදුරටත් වාර්ථා වෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.