Android 11 stable සංස්කරණය ළඟදීම නිකුත් කිරීමට Google සමාගම සූදානම් වී ඇති බව මින් පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබූ බව මතක ඇති.

Android 11 stable සංස්කරණය මීළඟ සැප්තැම්බර් 8 වැනි දින එළිදැක්වීමට Google සමාගම සූදානම් වන ලකුණු
Android 11 සංස්කරණයේ stable version එක නිකුත් කරන ගමන් මාර්ගයේ විවිධ විශේෂඅවස්ථා පිළිබඳව මීට පෙර අපි ඔබව ලිපි කිහිපයකින් ම දැනුවත් කර තිබෙනවා ඔබට මතක ඇති. Google Pixel සහ OnePlus ජංගම දුරකථන සඳහා Android 11 Beta 1 සංස්කරණය නිකුත්කිරීමට කටයුතු කරයිපසුගිය ජුලි 3 වැනි දින නිළ වශයෙන් නිකුත් කිරීමට සූ…

මේ Android 11 සංස්කරණය සමඟින් හඳුන්වා දෙන නව විශේෂාංගයක් ලෙස “Bubbles” පහසුකම හදුන්වාදිය හැකි අතර මෙම floating Bubbles සඳහා වන API එක Android 10 වල සිට ඇතුලත් කර තිබුණත්, එම පහසුකම දැන් සියලුම පරිශීලකයින් හට සහ developer වරුන් හට developer options හරහා enable නොකර, සාමාන්‍යය පරිදි ලබාගැනීමේ හැකියාව ලැබෙනවා.

Google සමාගම විසින් Google Assistant සේවාව සඳහාත් මේ Chat Head වලට සමාන bubble එකක් ලබාදීම සඳහා මේ වන විට පරීක්ෂණ කටයුතු සිදු කරමින් ඇති බව වාර්තා වෙනවා.

“Chat Heads” යනු මීට වසර ගණනාවකට පෙර Facebook හි Messenger app එක මඟින් හඳුන්වා දුන් විශේෂාංගයක් වන අතර ඔබගේ conversations වලට ඉක්මනින් ප්‍රවේශ වීම සඳහා ඔබ දැනට සිටින ඕනෑම screen එකක් මත float වීමට මෙයට හැකියාව තිබෙනවා.

Google Assistant bubble එක පිටුපසද ඇති එකම අදහස එය වන බවත්, මෙම පහසුකම මඟින් Assistant භාවිතා කිරීම සඳහා පරිශීලකයින් හට hardware button එක හෝ gestures භාවිතා කිරීමට අවශ්‍ය නොවන අතර එය සෑම විටම ඔබගේ තිරය මත දිස් වනු ලැබෙන බවත් XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

9to5Google වෙබ් අඩවිය විසින් සිදු කරන ලද APK teardown එකකට අනුව, Google app එකේ 11.21 සංස්කරණයෙහි ක්‍රියාකාරීත්වය විස්තර කරන strings දෙකක් හදුනා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.

<string name= ”opa_chat_head_dismiss_content_description” > Assistant Chat Head dismissal area</string>
<string name=”opa_chat_head_tutorial”>”Tap to talk to your Assistant.\nDrag to move or dismiss.”</string>

එහි “Tap to talk to your Assistant” යන්න විස්තර කරනු ලබන tutorial එකක් ඇති අතර තවත් string එකක් මඟින් විස්තර කරන්නේ ඔබට bubble එක ඉවත් කිරීම සඳහා එය තිරයේ පහළට ඇදගෙන යා හැකි බවයි.

මෙම string එක මඟින් අදාල විශේෂාංගය “Assistant Chat Head” ලෙස සඳහන් කර ඇත.

Google Assistant icon එක සඳහා වන floating bubble එක මත tap කිරීමෙන් Assistant panel එක තිරයේ පහළ සිට ගෙන යන අතර Bubble එක ඕනෑම කෙළවරකට ඇදගෙන යා හැකි නමුත් මෙම අංගය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළ විට bubble එකත් සමඟ නව UI එකක්ද ලැබීමේ හැකියාවක් තිබෙන බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.