Android Q වල දෙවැනි Beta සංස්කරණය නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරයි

කතුවරයා
Kasun Jayarathna
Save කරන්න
Share කරන්න

    පසුගිය මාර්තු මස 14 වැනිදා Google සමාගම විසින් ඔවුන්ගේ Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන Android Q වල ප්‍රථම beta සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කළා මතක ඇති.

    මුල් නිකුත් කිරීමෙන් සති තුනකට ආසන්න කාලයකින් පසුව ඔන්න දැන් මේ Android Q වල දෙවැනි beta සංස්කරණය ද Google Pixel devices සඳහා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

    මෙම beta 2 සංස්කරණයත් සමඟින් Android මතදී Multitasking සඳහා Bubbles නමින් අලුත් ක්‍රමයක් හඳුන්වා දීමට Google සමාගම කටයුතු කර තිබෙන අතර Facebook Messenger වල තිබෙන ආකාරයේ bubble මගින් දැනට open කර ඇති apps භාවිතා කළ හැකි වෙනවා.

    Bubbles

    මීට අමතරව තවත් Privacy features කිහිපයක් සහ ඒවා පිළිබඳව අදහස් දැක්වීමේ අවස්ථාවක් ද ලබා දීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

    එමෙන්ම Android Studio 3.5 වල Canary release එක සමඟින් foldable device වල ඇති functionality එක test කිරීමේ හැකියාව ලැබෙන Android Emulator නිර්මාණය කිරීමේ හැකියාව ද ලබා දීමට ද මොවුන් කටයුතු කර තිබෙනවා.

    මේ සමඟින් Foldable screen සහිත devices වලට තම apps optimize කිරීමේ හැකියාව developer වරුන් හට ලැබෙන අතර Android Q මෙහෙයුම් පද්ධතියේ stable සංස්කරණයක් මීළඟ අගෝස්තු මාසයේදී පමණ නිකුත් කරන අවස්ථාව වන විට අදාල apps ද ගැටළුවකින් තොරව එම මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක කරවීමට අවස්ථාව හිමි වෙනවා.

    මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Android Developer Blog එක හා Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.