Pixel ජංගම දුරකථන සමඟ ප්‍රධාන වශයෙන් පාරිභෝගික ආකර්ෂණය දිනාගෙන ඇති Google Camera app එක මේ වන විට Android ජංගම දුරකථන ලෝලීන් අතර බොහෝ ජනප්‍රිය Camera app එකක් වන බව අමුතුවෙන් කිවයුතු නැහැ.

දැන් එහි අලුත්ම සංස්කරණය වන 7.5 සංස්කරණය නිකුත් කිරීමට Google සමාගම සූදානමින් සිටින අතර ඒ සඳහා බොහෝ කාලයක සිට පරිශීලකයන් බලාපොරොත්තුවෙන් සිටි නව විශේෂාංගයක් එක් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව වාර්ථා වෙනවා.

APK Insight හි පල වූ post එකකින් මෙම තොරතුරු හෙළි වී ඇති අතර මේ අනුව මෙම නවතම සංස්කරණය සඳහා Audio Zooming පහසුකම පහසුකම ලබාදීමට Google සමාගම තීරණය කොට ඇති බව වාර්තා වනවා.

මේ නව පහසුකම හරහා ඔබ විසින් Video එකක් Record කරන විට එහි Audio level එක Adjust කිරීමට හැකියාව ලබා දෙන අතර මෙම පහසුකම දැනටමත් Motorolla Edge Plus හා iOS වල දැකගැනීමට හැකියාව තිබෙන නමුත් එය සිය Camera app එක වෙත එකතු කිරීමට Google සමාගම මේ දක්වා කටයුතු කර තිබුණේ නැහැ.

එමෙන්ම නව Motion blur mode එකක්ද මෙම සංස්කරණයට එකතු කිරීමට සූදානම් වන අතර ඒ හරහා DSLR Camera එකකට සමාන ආකාරයට Moving Objects blur කිරීමට හැකියාව ලබා දෙනවා.

මීට අමතරව Camera එකෙහි ඇති flasher එකේ තීව්‍රතාවය වෙනස් කල හැකි පහසුකමක් හා Video එකක් ලබා ගත් පසු එහි preview mode එකේදීම එය Social Media වලට Share කිරීමේ පහසුකමක් ද අලුතින් එකතු වීමට නියමිත වෙනවා.

Google Camera - Apps on Google Play
Never miss a moment with Google Camera, and take fantastic pictures using features such as Portrait and Night Sight. Features• HDR+ with dual exposure controls - Take pictures using HDR+ to capture fantastic photos, especially in low-light or backlit scenes.• Night Sight - You’ll never want to us…

Android 11 හි Beta සංස්කරණය ක්‍රියාත්මක වන Pixel ජංගම දුරකථන සඳහා මෙම update එක මේ වන විට ලැබී තිබෙන අතර ඒ අනුව Android 11 සංස්කරණයෙහි stable version එක සමඟින් මෙය සියලුම Android පරිශීලකයින්ට ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය, Android Police වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.