Netflix යනු ලොව පුරා අතිශයින්ම ජනප්‍රිය video streaming සේවාවක් අතර මේ වන විට මේ Netflix app එක Google Play Store හරහා download කරගත් පරිශීලක සංඛ්‍යාව බිලියනය ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

කොහොම නමුත් මේ වන විට OnePlus සහ ඇතැම් Samsung devices වල මේ app එක pre-installed ලෙස ද පැමිණෙන අතර, එම පරිශීලකයින් ප්‍රමාණය ද මෙම ගණනට ඇතුලත් වන බව Android Police වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

Netflix - Apps on Google Play
Looking for the most talked about TV shows and movies from the around the world? They’re all on Netflix. We’ve got award-winning series, movies, documentaries, and stand-up specials. And with the mobile app, you get Netflix while you travel, commute, or just take a break. What you’ll love about Ne…

මේ අනුව සමස්තයක් ලෙස ගත් කල Netflix ඒ හා සමාන streaming සේවාවන් ලබා දෙන අනෙකුත් apps වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටින අතර Amazon Prime මේ වන විට downloads මිලියන 100 ක් ද, Hulu Video Streaming සේවාව මේ වන විට downloads මිලියන 5ක් ද වාර්ථා කොට තිබෙනවා.

මේ අතර Netflix සමඟ අලුතින් තරඟයට පැමිණ සිටින Disny+ සේවාව download මිලියන 10 සීමාව පසුකර ඇති අතර මෙම වසරේ නොවැම්බරයේ දී එය තම පළමු සංවත්සරය සැමරීමට සූදානමින් සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.