Gboard වලට එකතු කරල ලද Selfie එකක් හරහා ඔයාගේම මූණ Emoji sticker එකක් කරගැනීමේ පහසුකම වගේම Gboard වලට Android මතදී floating mode එක හඳුන්වා දීම සම්බන්ධයෙන් මීට පෙර ලිපි මගින් ඔබව දැනුවත් කළා මතකයේ ඇති.

මේ Gboard app එක ලොව පුරාම විශාල පිරිසක් අතර ඉතාමත් ජනප්‍රිය app එකක් වගේම තමන් කැමති ආකාරයට තමන්ගේ keyboard එකේ පෙනුම වෙනස් කරගැනීමට හැකියාව ලැබීම මෙහි වැඩිදෙනෙක් කැමති පහසුකමක් වෙනවා.

ඉතින් ඔන්න දැන් Gboard 7.8.8 සංස්කරණය හරහා මෙම පහසුකම තවත් පුළුල් කරමින් අලුත් themes කිහිපයක් හදුන්වා දීමට Google සමාගම සූදානම් වෙනවා.

ඒ වගේම මේ අලුතින් එක්කළ themes, gradient themes වන අතර මේවා ප්‍රධාන වශයෙන් Light gradient හා Dark gradient ලෙස කොටස් දෙකකින් යුක්ත වන අතර Light gradient themes 25ක් හා Dark gradient themes 29ක් මේ වන විට දැකගන්න ලැබෙනවා.

මේ වන විටත් Google Pixel Devices භාවිතා කරන්නන් හට මේ අලුත් themes ලබා දීමට කටයුතු කර ඇති බව වාර්ථා වන නමුත් අනෙකුත් පරිශීලකයින් හට නම් මෙය තවමත් ලබා දී නොමැති බව දැනගන්නට ලැබෙනවා.

කොහොම නමුත් ඔබ Gboard Beta app එක භාවිතා කරන කෙනෙකු නම්, මේ පහසුකම දැනටමත් ඔබගේ Gboard app එකට ලැබී තිබෙනු ඇති අතර එසේ නොමැති නම් අලුත්ම version එකට update කිරීම මගින් මෙය ලබාගත හැකි වනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩිවිය හා Android Community වෙබ් අඩිවිය භාවිතා කළ හැක.