දශකයක පමණ කාළ සීමාවක් තිස්සේ Jailbreak කළ iPhone, iPad සහ iPod Touch සඳහා Apps download කරගතහැකි වූ Cydia App Store එක හරහා තවදුරටත් මිළදීගැනීම් සිදු කිරීමේ පහසුකම ලබා නොදීමට එහි හිමිකරු වන Jay Freeman විසින් තීරණය කොට තිබෙනවා.

මේ අනුව මීට ඉහතදී සිදු කළ මිලදීගැනීම් වලට අදාල වන apps download කරගැනීමට පරිශීලකයන් හට අවස්ථාව ලැබුණත්, තවදුරටත් අලුතින් apps මිලදීගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මේ Cydia App Store එක පළමු iPhone එක Jailbreak කර ටික කාලයකට පසු, එනම් මීට වසර 10කට පමණ පෙර ආරම්භ කරන ලද අතර මේ හරහා Jailbreak කල iPhone සඳහා Apple App Store එකෙන් apps ලබා ගැනීමේ පහසුකම අහිමි වුවන් හට apps download කරගැනීම සඳහා අතිරේක මාර්ගයක් ලබා දෙන්නට සමත් වුණා.

නමුත් ක්‍රමක්‍රමයෙන් iPhone jailbreak කිරීමේ ප්‍රවණතාවය අඩු වී යාමත් සමඟ මෙහි ජනප්‍රියත්වය සහ වුවමනාව ක්‍රමයෙන් අඩුවී ගිය අතර මේ වන විට එය පවත්වාගෙන යාමට පවා අවශ්‍යය මුදල් තමන්ගේ පෞද්ගලික ධනයෙන් වැය කිරීමට මෙහි නිර්මාතෘ Freeman ට සිදුව තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

එමෙන්ම තවදුරටත් මෙම Cydia සේවාව පවත්වාගෙන යෑමට ඔහුගේ කැමැත්තක් නොමැති බවත්, තම තමන්ගේ Cydia profile වලින් PayPal ගිණුම් ඉවත් කරගන්නා ලෙසත් Cydia පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටීමට ඔහු කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Tech Crunch වෙබ් අඩවිය හා Reddit වෙබ් අඩවිය භාවිතා කළ හැක.