ලොව ප්‍රථම නම්‍යශීලී දුරකථනය ගැන මෙන්ම Samsung සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන නම්‍යශීලී ජංගම දුරකථනය ගැනත් අපි ඔබව පසුගිය නොවැම්බර් මස දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් නම්‍යශීලී ජංගම දුරකථන වෙනුවට නම්‍යශීලී TV එකක් නිෂ්පාදනය කිරීමට LG සමාගම සමත් වී තිබෙන අතර එය පසුගිය Consumer Electronics Show - 2018 හිදී ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළා.

මෙම TV එක අඟල් 65ක විශාලත්වයකින් යුතු වන අතර මෙයට යොදාගෙන ඇති OLED Panel එක නම්‍යශීලී වන බැවින් poster එකක් මෙන් නැවීමේ හැකියාව මෙම device එකට ලැබෙනවා.

කොහොම නමුත් මේ TV එක වෙළඳපොලට එන කාළසීමාව පිළිබඳව මීට පෙර නිළ සඳහනක් LG සමාගම විසින් ඉදිරිපත් කර නොතිබුණත්, අද දින Bloomberg වෙබ් අඩවිය විසින් පළ කර තිබුණු ප්‍රවෘත්තියක් අනුව මෙය ලබන වසරේ, එනම් 2019 වර්ෂයේදී වෙළඳපොලට පැමිණීමට නියමිත වෙනවා.

මීට අමතරව නම්‍යශීලී display එකක් සහිත ජංගම දුරකථනයක් ද LG සමාගම විසින් මීළඟට පැවැත්වීමට නියමිත CES 2019 හි දී ප්‍රදර්ශනය කිරීමට නියමිත බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.