Apple සමාගම සිය iPhone නිෂ්පාදනයන් ඉන්දියාව පදනම් කර ගනිමින් සිදු කරන බව ඔබ දැනටමත් දන්නා කාරණයක් වන අතර එය තවදුරටත් ව්‍යාප්ත කරමින් චීනයේ සිදු කරනු ලබන නිෂ්පාදන කටයුතු වලින් 20%ක පමණ ප්‍රමාණයක් ඉන්දියාවට ගෙන ඒමට සූදානම් වන බව පසුගිය මැයි මාසයේදී වාර්ථා වුණා.

චීනයේ සිදුවන iPhone නිශ්පාදනයෙන් 20% ක් පමණ ඉන්දියාවට ලබාදීම කෙරෙහි Apple සමාගමේ අවධානය යොමු වෙයි
මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ චීනයේ සිදු කරනු ලබන iPhone නිෂ්පාදනයෙන් 20%ක පමණප්‍රමාණයක් ඉන්දියාවට ගෙන ඒම අරමුණු කරගෙන Apple සමාගමේ නිළධාරීන් පිරිසක් සහඉන්දියානු රජයේ ඉහළ නිළධාරීන් පිරිසක් අතර හමුවක් පැවති බව ප්‍රසිද්ධ ඉන්දියානුප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන The Economic Times[https://tech.economictimes.indiatimes.com/news/mobile/apple-may-take-a-bigger-bite-of-indias-manufacturing-pie/75666667…

එමෙන්ම iPhone SE, iPhone 6/7 ආදී මාදිලි මෙන්ම iPhone XR ජංගම දුරකථන ද ඉන්දියාවේ Foxconn සමාගම ඔස්සේ නිෂ්පාදනය සිදු කිරීමට Apple සමාගම කටයුතු කරනු ලබනවා.

මේ අතර නවතම ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා වන්නේ ඉහත සඳහන් කරන මාදිලි වලට අමතරව පසුගිය වසරේ නිකුත් කරන ලද iPhone 11 මාදිලිය ද ඉන්දියාවේ Foxcon සමාගම හරහා නිපදවීමට Apple සමාගම කටයුතු කරමින් සිටින බවයි.

මෙලෙස නිපදවන ලද පළමු දුරකථන තොගය මේ වන විට ඉන්දීය වෙළඳසැල් ඔස්සේ මිලදී ගැනීමට ද එරට පාරිභෝගිකයන් හට මේ වන විටත් හැකියාව ලැබී ඇති බව වාර්ථා වෙනවා.

ඉන්දියාවෙන් පිටත නිෂ්පාදනය කර ඉන්දියාව තුලට ආනයනය කරනු ලබන ඇපල් උපාංග සඳහා 20% ක අමතර බද්දක් ගෙවීමට සිදුවන නමුත් ඉන්දියාව තුළ සිදු කරන නිෂ්පාදන වලට මෙම බදු අයකිරීම අදාළ නොවන නිසා වඩාත් තරගකාරී මිලගණන් වලට දේශීය වෙළඳපොළ තුළ iPhone විකිණීමට Apple සමාගමට හැකියාව ලැබී තිබෙනවා.

චීනය සමඟ ඇති වී තිබෙන වෙළඳ ගැටලුවත් සමඟින් ඇපල් සමාගම සිය නිෂ්පාදන ටිකෙන් ටික ඉන්දියාව වෙත ගෙන ඒම සිදුකරන බව මීට පෙර ලිපි කිහිපයකින්ම ඔබව දැනුවත් කර තිබෙනවා ඔබට මතක ඇති.

ඉන්දියාවේ නිෂ්පාදිත iPhone යුරෝපයීය රටවල් වලට අපනයනය කිරීමට Apple සමාගම කටයුතු කරයි
Apple සමාගම විසින් iPhone XS සහ XR ජංගම දුරකථන ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමටසූදානම් වන බව[/apple-may-start-building-the-iphone-xs-and-xr-in-india-next-year/] පසුගියදෙසැම්බර් මස අපි ඔබව දැනුවත් කළා මතක ඇති. විශේෂයෙන්ම ඉන්දියානු වෙළඳපොල ඉලක්ක කරගනිමින් ඉන්දියාව තුළ නිෂ්පාදන කටයුතු සිදුකිරීම ආරම්භ කළ…

Foxcon සමාගම මේ වන විටත් ඉන්දියාවේ පිහිටා ඇති සිය කර්මාන්ත ශාලාවන් සඳහා ඩොලර් බිලියනයක පමණ මුදලක් ආයෝජනය කර තිබෙන බව වාර්තා වන අතර චීනයෙන් පිටත iPhone නිෂ්පාදනය සඳහා ඇති පහසුකම් වැඩි දියුණු කිරීම මෙහි අරමුණ වන බව සඳහන් වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Mac Rumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.