ලෝකයේ ඇති විශාලතම පොත් ප්‍රදර්ශණය වලින් එකක් වන Big Bad Wolf පොත් ප්‍රදර්ශනය COVID-19 වසංගතය හමුවේ වෙනස්ම මුහුණුවරකින් ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට Big Bad Wolf ප්‍රදර්ශනයෙහි සංවිධායකයින් කටයුතු කරන බවට මේ වන විට තොරතුරු වාර්ථා වෙනවා.

මෙම පොත් ප්‍රදර්ශණය 4 වෙනි වරටත් ශ්‍රී ලංකාව තුළ පැවැත්විමට නියමිත අතර මේ වන විට ලොව පුරා පැතිරී COVID-19 වසංගතය නිසාම මේ වසරේදී Big Bad Wolf පොත් ප්‍රදර්ශනය online event එකක් ලෙස පැවැත්වීමටත්, ඒ හරහා 30,000ට අධික පොත් නාමාවලියක් නිකුත් කිරීමටත් ඔවුන් සුදානම් වෙමින් සිටිනවා.

මෙමඟින් පොත් මිලදී ගන්නා අය සඳහා 50% සිට 90% දක්වා වට්ටම් ද හිමි වන අතර අවම ගාස්තුවක් යටතේ ලංකාවේ ඕනැම තැනක සිටිනෙකු හට ඔබ මිලදී ගත් පොත් නිවසටම එවීමට ඔවුන් සූදානමින් සිටිනවා.

මෙවර ඔබ මෙම පොත් ඇනවුම් කිරීම සිදු කරනු ලැබූ විට මොවුන්ගේ මැලේසියාවේ පිහිටි warehouse එක හරහා අදාල බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට නියමිත බව ඔවුන් ප්‍රකාශ කරනවා.

ඔක්තොම්බර් මස 1 වැනි දින සිට 4 වැනි දින දක්වා ඔබට අවශ්‍යය පොත් මිලදී ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා ඔබ කළ යුත්තේ Big Bad Wolf Books නිල වෙබ් අඩවියට පිවිස ඔබට අවශ්‍ය පොත් තෝරාගෙන ඇණවුම් කිරීමයි.

මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Big Bad Wolf Books වෙබ් අඩවිය සහ නිළ Big Bad Wolf Books Facebook page එක භාවිතා කළ හැක.