Self-driving මෝටර් රථ, එහෙමත් නැතිනම් සම්පූර්ණයෙන්ම ස්ව්‍යංක්‍රීයව පාලනය වන මෝටර් රථ පිළිබඳව ලොව පුරා ම කතාබහට ලක් වන්නේ දැනට වසර ගණනාවකට පෙර සිටයි.

නමුත් විවිධ හේතු සහ අනතුරු නිසා මෙම තාක්ෂණය පිළිබඳ බොහෝ දෙනා සැක කරන අතර ඒ නිසාම self-driving මෝටර් රථ තවමත් සැලකියයුතු ලෙස පාරිභෝගික ආකර්ෂණය ලබා ගැනීමට සමත් වී නැහැ.

මේ අතර ලොව විශාලතම විදුලි මෝටර් රථ නිශ්පාදකයා වන Elon Musk විසින් ප්‍රකාශ කරන්නේ ලොව පළමු fully self-driving මෝටර් රථය මෙම වසර අග වන විට එළිදැක්වීමට හැකි වනු ඇති බවයි.

යම් හෙයකින් මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් සාමාන්‍යය ජනතාවගේ භාවිතය උදෙසා fully self-driving මෝටර් රථයක් මහා මාර්ගයට එකතු කරන පළමු සමාගම බවට Tesla සමාගම පත් වනු ඇති.

මෙම fully self-driving මෝටර් රථයේ ඇති ස්වයංක්‍රීය නියමු මෘදුකාංගය බාහිර කැමරා 8 ක්, radar පද්ධතියක් සහ ultrasonic සංවේදක 12 ක් මගින් බළගැන්වෙන අතර මේ වන විටත් නිෂ්පාදනය කරනු ලබන සියළුම Tesla මෝටර් රථ වල මීට අදාල දෘඩාංග අන්තර්ගත කර ඇති බවත් වාර්ථා වෙනවා.

එබැවින් මේ හැකියාව බොහෝමයක් Tesla පරිශීලකයින් හට වෙනත් කිසිඳු වෙනස් කිරීමකින් තොරව, software update එකක් මගින් පමණක් මෙම හැකියාව ලබාදීමට Tesla සමාගමට හැකියාව ඇති බව සඳහන් වෙනවා.

Elon Musk මහතා ප්‍රකාශ කරන්නේ මහා මාර්ගයේ ඇති Traffic lights, මංසන්දි, නැවතුම්, හැරවීම් ආදිය මෙන්ම මාර්ගයේ සිදුවන සියලුම දේට සංවේදී වන ලෙස මෙම පද්ධතිය නිර්මාණය කර ඇති බවයි.

මෝටර් රථයක් self-driving තාක්ෂණයට පරිවර්තනය කරන ප්‍රධාන Level 5 ක් තිබෙන අතර එහි පස්වන level එක වන්නේ මෙම fully self-driving අවස්ථාවයි.

මෙම පස්වන level එකට පැමිණීම සඳහා ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදකයන් කිහිප දෙනෙකුම කාලයක් තිස්සේම පරීක්ෂණ සිදුකරන අතර තවමත් සාර්ථක වීමට සමත් වී නැති නමුත් Honda, Toyota, Volvo වැනි සමාගම් ද 2021 වසර වන විට රියදුරන් රහිත වාහන අධිවේගී මාර්ගවලට හඳුන්වාදීමට සූදානම් වන බවක් ද මේ වන වාර්ථා වෙනවා.

Tesla සමාගම සම්බන්ධයෙන් ගත් කල මීට පෙරද fully self-driving මෝටර් රථයක් මාර්ගයට එකතු කළ හැකි දිනයක් පිළිබඳව සමාගම විසින් 2017 වසරේදී අනාවැකි පළ කර තිබූ නමුත් අවශ්‍ය ආරක්ෂණ ප්‍රමිතීන් සම්පූර්ණ කිරීමට අසමත් වීමේ පසුබිම තුළ මාරාන්තික රිය අනතුරකට උත්තර බැඳීමට Tesla සමාගමට සිදු වුණා.

මෙම අනතුරෙන් එහි රියදුරා මිය ගිය අතර පරීක්ෂණවලින් හෙළිවූයේ රථය අනතුරට ලක්වන විට එහි self-driving mode එක activate වී තිබී ඇති නමුත් මෙම self-driving ආරක්ෂණ පද්ධතිය හෝ රියදුරා විසින් එම අනතුර වළක්වා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනේ නැති බවයි.

මෙම පසුබිම තුළ fully self-driving මෝටර් රථයක් සාමාන්‍ය කාර්යබහුල මාර්ගයක කුමන ආකාරයකින් සාර්ථක වනු ඇත්දැයි අනාවැකි පළ කළ නොහැකි නමුත් යම් හෙයකින් Tesla සමාගම සාර්ථක වුවහොත් එය මෝටර් රථ විකාශනයේ නියත හැරවුම් ලක්ෂයක් වනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Independent වෙබ් අඩවිය, Techquila වෙබ් අඩවිය සහ Cleantechnica වෙබ් අඩවිය භාවිතා කළ හැක.