යම්කිසි message එකක් send කිරීමෙන් පසුව ස්ව්‍යංක්‍රීයව delete වන පහසුකමක් WhatsApp පරිශීලකයන් හට ලබාදීමට සූදානම් වන බවත්, එම පහසුකම මේ වන විට අත්හදාබලමින් පවතින බවත් වාර්ථා වෙනවා.

Wabetainfo වෙබ් අඩවිය විසින් මෙම පහසුකම පළමුවරට අනාවරණය කිරීමට කටයුතු කළ අතර WhatsApp වල beta v2.19.275 සංස්කරණයේ මෙම පහසුකම තිබෙන නමුත් අදාල සංස්කරණය භාවිතා කරන පිරිසකට පමණක් මෙම පහසුකම දැකගත හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

WhatsApp beta for Android 2.19.275: what’s new? | WABetaInfo
Discover all details about the new WhatsApp feature called “Disappearing Messages” (under development), reading all information in this new article!

මෙම පහසුකම සමඟින් මූලිකව තත්ත්පර 5කින් හෝ පැයක කාලයකින් අදාල පණිවිඩය delete වන ලෙස සැකසිය හැකි අතර, මෙය Group chat වලදී ද භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

මීට සමාන පහසුකමක් දැනටමත් Telegram app එක සහ Gmail වල දකින්නට ලැබෙන අතර කාලයකට ඉහතදී Blackberry Messenger වැනි platform වලද භාවිතා කළ හැකිව තිබුණා.

කොහොම වුණත් මේ පහසුකම තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින අතර, සියළුම WhatsApp පරිශීලකයන් හට මෙය නිකුත් කරනු ලබන දිනයක් හෝ මේ පිළිබඳව නිළ නිවේදනයක් සිදු කිරීමට WhatsApp ආයතනය තවමත් කටයුතු කර නැහැ.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, WABetaInfo වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.