iOS 13 සංස්කරණයේ තිබුණු bugs fix කිරීම සඳහා iOS 13.1 update එක නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කළ අතර එම සංස්කරණයේ ද තවත් ගැටළු කිහිපයක් ඇතුලත් වී තිබුණු බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

iPadOS එක සහ iOS 13.1 සංස්කරණය තවත් ගැටළුවක් සමඟින් නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කරයි
iOS 13 සංස්කරණය නිළ වශයෙන් නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කළ බවත්, එහි තිබුණුඅලුත් පහසුකම් ගැන මෙන්ම දුර්වලතා කිහිපයක් ගැනත් පසුගිය සැප්තැම්බර් 21 වැනි දිනඅපි ඔබව දැනුවත් කළා මතක ඇති. මෙම සංස්කරණයේ තිබුණු දුර්වලතා සියල්ලම පාහේ fix කර ඊට පිළියමක් වශයෙන් එහි මීළඟසංස්කරණය වන iOS 13.1 සංස්කරණය සැප…

කොහොම වුණත් එහි අන්තර්ගත වූ ගැටළුව වන 3rd party keyboards, එනම් iOS වල තිබෙන default keyboard එකට අමතරව භාවිතා කරන වෙනත් keyboard apps වලට ඔබ අවසර ලබා දුන්නත් නැතත්, ජංගම දුරකථනයේ full access ලැබීම සම්බන්ධයෙන් අලුතින් iOS 13.1.1 update එක නිකුත් කිරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.

මීට අමතරව iOS 13 වලට update කිරීම සමඟින් සාමාන්‍ය බැටරි වැය විම් කාලයට වඩා වේගයෙන් බැටරිය වැය විමක් පිළිබඳව වාර්ථා වූ අතර, එම ගැටළුව සහ backup එකක් හරහා iPhone එක restore කිරීමේදී මතු වූ ගැටළුවක් ඇතුළු ගැටළු 6ක් මේ update එක හරහා විසඳීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

එමෙන්ම iPhone 11, iPhone 11 Pro සහ iPhone 11 Pro Max යන ජංගම දුරකථන වලදී Apple Siri මෘදුකාංගයේ recognition පහසුකම ද වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.


මීට අමතරව cellular data connection එක නොමැති අවස්ථාවන් වලදී data connection එක ඇති බව පෙන්වීම වැනි තවත් ගැටළු රාශියක් ඉතිරිව තිබෙන බව ලොව පුරා iPhone පරිශීලකයන් විසින් තවමත් ප්‍රකාශ කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය හා Forbes වෙබ් අඩවිය භාවිතා කළ හැක.