Facebook සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන්නන් මිලියන 533 කගේ තොරතුරු අන්තර්ජාලයට කාන්දු වීමේ පුවත පසුගිය සතියේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ අතර, දැන් දැන් එලෙස තොරතුරු කාන්දු වීම පිළිබඳ තවත් තොරතුරු හෙළිදරව් වෙමින් තිබෙනවා.

මිලියන 533 කට අධික Facebook පරිශීලකයන්ගේ දුරකතන අංක ඇතුළු පුද්ගලික දත්ත අන්තර්ජාලයට නිකුත් වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි
මිලියන 533 කට අධික Facebook පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත මේ වනවිට අන්තර්ජාලයට එකතුවී ඇති බව වාර්තා වන අතර මෙසේ නිරාවරණය වූ දත්ත අතර, පරිශීලකයන්ගේ දුරකතන අංක,Facebook IDs, සම්පූර්ණ නම්, location, උපන්දිනය, bio සටහන් සහ email addressඇතුළත් වන බව business Insider වෙබ් අඩවිය පෙන්වා දෙනවා. මෙම දත්ත වසර…

නම, දුරකථන අංකය, ස්ථානය, විවාහ විස්තර, උපන්දිනය සහ Facebook User ID එක ආදී සියලු තොරතුරු ද සමඟ Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ තොරතුරු ද මෙලෙස හෙළි වී ඇති අතර එය තරමක් හාස්‍යජනක සහ විස්මයජනක ද වෙනවා.

එපමණක් නොව, Mark Zuckerberg සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක පුවතක් මේ වන විට නිකුත් වී තිබෙන අතර, එනම් ඔහු සිය සමාගමට අයත් ලොව බිලියනකට අධික පරිශිලක සංඛ්‍යාවක් සහිත WhatsApp messeging සේවාව භාවිතා නොකර, WhatsApp හි තරඟකරුවෙක් වෙන Signal සේවාව භාවිතා කරන බවට තොරතුරු පළ වීමයි.

Dave walker නම් අයෙකු Twitter පණිවිඩයක් මගින් මේ පිළිබඳව පෙන්වා දී තිබෙන අතර ඔහු විසින් Mark Zuckerberg විසින් Signal සේවාව සඳහා භාවිතා කරන දුරකථන අංකය පවා සඳහන් කර තිබෙනවා.

WhatsApp සේවාව මෙම වසර මුල සිටම මහත් ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වූයේ එහි Privacy policy එක වෙනස් කිරීම නිසා වෙන අතර, එයට අනුව ඔබට WhatsApp භාවිතා කිරීමට නම් එම Policy එකට එකඟ විය යුතු අතර නැතිනම් WhatsApp වලින් ඉවත් විය යුතු වෙනවා.

WhatsApp වල අලුත් privacy changes වලට එකඟ නොවන්නන් හට සිදුවන දේ පිළිබඳව පැහැදිලි කිරීමට WhatsApp ආයතනය කටයුතු කරයි
පසුගිය ජනවාරි මාසයේදී WhatsApp සමාගම විසින් ඔවුන්ගේ අලුත් privacy policy එකඑළිදැක්වීමට කටයුතු කළ අතර, මෙය ලොව පුරාම අතිමහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූබව ඔබට මතක ඇති. Facebook සමඟ ඔබගේ WhatsApp දත්ත share කරගැනීමේ නව Privacy Policy එකට එකඟනොවන්නේනම් WhatsApp භාවිතා කිරීමේ හැකියාව ඔබට අහිමි වෙ…

එය එසේ තිබියදී WhatsApp හිමි සමාගමේ ප්‍රධානියාම, සිය සේවාවක ඇති Privacy policy එකට දක්වන අකමැත්ත මෙමඟින් පිළිබිඹු වෙන බව බොහෝ දෙනා චෝදනා කරන අතර, තම දත්ත ආරක්ෂා කර කරගැනීමටත්, පරිශීලකයන්ගේ දත්ත එකතු කර ගැනීමටත් ඔහු කටයුතු කර ඇති බව මෙමඟින් ගම්‍යමාන වෙනවා.

ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ විශ්වාසය දිනාගත් ආරක්ෂිත messaging platform එකක් වන Signal ගැන දැනගනිමු
Signal යනු WhatsApp , iMessage , Facebook Messenger වැනි messaging app එකක් ලෙසසරලව හඳුන්වන්න පුලුවන්. Encrypted messaging app එකක් වන Signal 2015 සිට ආරම්භ වුණ සේවාවක් වන නමුත් මෙයවඩාත් ජනප්‍රියත්වයට පත් වූනේ පසුගිය මැයි 25වෙනිදා පොලිස් අත්අඩංගුවේදී කළුජාතිකයෙකු වූ George Floyd ඝාතනය වීමේ සිදුව…

මේ නිසා පරිශීලක දත්ත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් Facebook සමාගම දිනෙන් දින අපකීර්තියට පත් වෙමින් තිබෙන අතර, මෙම පසුබිම මත බොහෝ තාක්ෂණික විශ්ලේෂකයින් විසින් වඩා ආරක්ෂාකාරි පණිවිඩ හුවමාරු සේවාවක අවශ්‍යතාවය මතු කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizchina වෙබ් අඩවිය සහ BBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.