Sony සමාගම පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඔවුන්ගේ flagship ජංගම දුරකතනය වන Xperia 1 II ජංගම දුරකතනය එළිදැක්වීමට කටයුතු කල අතර පසුගිය කාලය පුරාවටම Sony සමාගමෙහි මීළඟ flagship device එක පිළිබඳ නිළ නොවන තොරතුරු රාශියක්ම දැනගැනීමටද හැකියාව ලැබුණා.

මේ වනවිට Sony සමාගම සිය YouTube channel එකෙහි banner එක update කිරීමට කටයුතු කර ඇති අතර එහි සඳහන් වන ආකාරයට, මෙම online launch event එක අප්‍රේල් 14 වනදා 16:30 JST (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1ට) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම මෙම අවස්ථාව Sony සමාගමෙහි නිළ YouTube channel එක ඔස්සේ stream කිරීමටද ඔවුන් සූදානමින් සිටිනවා.

මෙම event එකේදී Sony සමාගම එළිදැක්වීමට සූදානම් වන්නේ කුමක්ද යන්න තවමත් නිල වශයෙන් තහවුරු කර නොතිබුණද, ඔවුන් විසින් Xperia 1 III flagship device එක සහ Xperia 10 III ජංගම දුරකතනය එළිදක්වනු ඇති බවට නිළ නොවන මූලාශ්‍රයන් පෙන්වා දෙනවා.

එමෙන්ම, Weibo හි leaker කෙනෙකු වන Zacckbucks වාර්තා කරන ආකාරයට, මෙම Sony Xperia 1 III device එකට 120Hz refresh rate එකක් සහිත අඟල් 6.5 ක 4K HDR OLED display එකක් අන්තර්ගත වනු ඇති අතර එය Snapdragon 888 chipset එකකින් බලගැන්වෙනු ඇත.

Render of the Xperia 1 III

මෙහි camera එක ලෙස, 64MP primary shooter, එකක්, 12MP ultra-wide camera එකක් සහ “Cyber-shot“ lossless zoom පහසුකම සහිත periscope lens එකක් ඇතුළත් triple camera array එකක් දැකගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට වාර්තා වෙනවා.

ඊට අමතරව, 12GB RAM එකක්, 5,000mAh බැටරියක් සහ 65W fast charging පහසුකමද මෙම Sony Xperia 1 III device එකට ඇතුලත් වනු ඇතැයි වාර්තා වෙනවා.

Xperia 10 III device එක පිළිබඳව තවමත් වැඩි තොරතුරක් වාර්තා නොවන නමුත් ජනවාරි මාසය මුලදී Steve Hemmerstoffer විසින් අනාවරණය කරන ලද තොරතුරු අනුව, මෙයට අඟල් 6.0 ක flat display එකක්, triple camera array එකක්, dual speakers, 3.5mm jack සහ side-mounted fingerprint scanner එකක් දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Sony Xperia 10 III render

කෙසේ වෙතත්, මෙම specifications තවමත් නිල නොවන මූලාශ්‍ර මගින් ලැබෙන තොරතුරු බව නැවතත් සඳහන් කළයුතු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ GSMArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.