මිලියන 533 කට අධික Facebook පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත මේ වනවිට අන්තර්ජාලයට එකතු වී ඇති බව වාර්තා වන අතර මෙසේ නිරාවරණය වූ දත්ත අතර, පරිශීලකයන්ගේ දුරකතන අංක, Facebook IDs, සම්පූර්ණ නම්, location, උපන්දිනය, bio සටහන් සහ email address ඇතුළත් වන බව business Insider වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මෙම දත්ත වසරකට වඩා පැරණි යැයි විශ්වාස කෙරෙන නමුත් ආරක්ෂක විශේෂඥයන් පවසන්නේ මෙම තොරතුරු තවමත් අපරාධකරුවන්ට අනන්‍යතා වංචා කිරීම (Fake account නිර්මාණය කර සිදු කරන වංචා) සඳහා යොදා ගත හැකි බවයි.

මෙසේ දත්ත කාන්දු වී ඇති පරිශීලකයන් අතර එක්සත් ජනපදයේ පරිශීලකයින් මිලියන 32 ක්, එක්සත් රාජධානියේ මිලියන 11 ක් සහ ඉන්දියාවේ පරිශීලකයන් මිලියන 6 ක් ඇතුළත් වන අතර, ලොව පුරා රටවල් 106ක පරිශීලකයින්ගේ දත්ත මේ අතර ඇති බව වාර්තා වෙනවා.

Facebook සමාගමෙහි ප්‍රකාශකයෙකු මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, මෙය මීට පෙර 2019 දී වාර්තා වූ පැරණි දත්ත බවත්, ඔවුන් 2019 වර්ෂයේ අගෝස්තු මාසයේදී එම ගැටළුව නිරාකරණය කළ බවත්ය.

කෙසේ වෙතත්, මෙම data breach එකෙන් ඔබගේ දත්ත අන්තර්ජාලයට නිකුත් වී ඇත්දැයි දැනගැනීම සඳහා, Firefox monitor හෝ haveibeenpwned යන වෙබ් අඩවි වෙත පිවිස, ඔබ Facebook සඳහා භාවිතා කළ email එක එහි ඇතුළත් කර "check for breaches" button එක click කර ඔබගේ දත්ත මෙම database වල ඇතුලත් වී ඇත් ද යන්න බලාගැනීමේ හැකියාව තිබෙනවා.

කොහොම නමුත් මෙම දත්ත කාන්දුවීම හරහා පරිශීලකයින්ගේ password එක අන්තර්ජාලයට නිරාවරණය වී නොමැති නිසාවෙන්, account එක hack වීමේ අවධානමක් නොමැති නමුත්, ශක්තිමත් password එකක් භාවිතා කිරීම සහ, සිදුවිය හැකි දෑ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම නුවණට හුරු වෙනවා.

ශක්තිමත් password එකක් යොදාගැනීම සහ සහ ඔබගේ online accounts ආරක්ෂා කර ගැනීම පිළිබඳව වැඩි විස්තර සඳහා ඔබට මේ ලිපියක් කියවන්න පුළුවන්.

හැකර්වරුන්ගේ ග්‍රහණයට හසු නොවී අන්තර්ජාලය තුළ බුද්ධිමත්ව හැසිරෙන ආකාරය පිළිබඳව දැනගනිමු
බොහෝ දෙනා මේ වනවිට අන්තර්ජාලයත් සමඟ වැඩකටයුතු කිරීමට පෙළඹී ඇති අතර අන්තර්ජාලයත්සමඟ කටයුතු කිරීමේදී තමන්ගේ online accounts වල ආරක්ෂාව පිළිබඳව ද වැඩි අවධානයක්යොමු කිරීමට අපට සිදුවෙනවා. මෙවැනි online accounts ආරක්ෂා කරගැනීමට ගතයුතු ආරක්ෂකක්‍රියාමාර්ග කිහිපයක් ගැන මෙම ලිපියෙන් ඔබව දැනුවත් කරනවා. --…

මෙහිදී වැඩි වශයෙන්ම සැළකිලිමත් විය යුත්තේ ඔබගේ හෝ ඔබගේ මිතුරන්ගේ නමින් fake ගිණුම් නිර්මාණය කර සිදු කළ හැකි වංචාවන් පිළිබඳව වන අතර, ඉදිරියේදී පැමිණිය හැකි එවැනි messages පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු වෙනවා.

Facebook පරිශීලකයන්ගේ දත්ත අන්තර්ජාලයට කාන්දු වූ පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර කිහිපවතාවක්ම මෙවැනි ගැටළුවලට මුහුණදීමට Facebook සමාගමට සිදුවුණා.

Facebook හි දුර්වලතාවයක් හරහා සොරාගත් Facebook පරිශීලකයින්ගේ ජංගම දුරකථන අංක Telegram bot එකක් හරහා අලෙවි කිරීමට කටයුතු කරයි
Facebook platform එකේ විවිධ ආකාරයේ ආරක්ෂක දුර්වලතා පිළිබඳව මෙන්ම ඒ හාරහා සිදුවුණු data leak ගණනාවක් ගැන TechNews.LK පාඨක ඔබ මේ වන විටත් හොඳින් දන්නවා ඇති. ඔන්න දැන්, තවත් එවැනි දුර්වලතාවයක් භාවිතා කරමින් එකතු කරගන්නා ලද Facebookපරිශීලකයින්ගේ ජංගම දුරකථන අංක Telegram bot එකක් භාවිතා කරමින් අලෙවි ක…
Hack වූ Facebook ගිණුම් 81,000ක private messages ඇතුළු දත්ත විකිණීමට කටයුතු කරයි
පසුගිය සැප්තැම්බර් මාසයේ අග Facebook හි තිබූ දුර්වලතාවක් නිසා ගිණුම් මිලියන50කටවැඩි ප්‍රමාණයක් hack වීමක් ගැන[/facebook-security-breach-up-to-50m-accounts-attacked/] අපි ඔබ වෙත වාර්ථාකරන්නට කටයුතු කළා මතක ඇති. ඔන්න දැන් තවත් Facebook ගිණුම් 81,000ක පමණ private messages ඇතුළු දත්තඅන්තර්ජාලය හරහ…

එමෙන්ම, 2018 දී බ්‍රිතාන්‍ය දේශපාලන උපදේශන සමාගමක් වන Cambridge Analytica සමාගම Facebook පරිශීලකයන් මිලියන ගණනකගේ පුද්ගලික දත්ත එක්රැස් කළ බව අනාවරණය වූ අතර data privacy උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් US Federal Trade Commission (FTC) එක විසින් 2019 ජූලි මාසයේදී Facebook සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 5 ක දඩ මුදලක්ද නියම කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Bloomberg වෙබ් අඩවිය සහ Business Insider වෙබ් අඩවිය භාවිතා කළ හැක.