පසුගිය ජනවාරි මාසයේදී WhatsApp සමාගම විසින් ඔවුන්ගේ අලුත් privacy policy එක එළිදැක්වීමට කටයුතු කළ අතර, මෙය ලොව පුරාම අතිමහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ බව ඔබට මතක ඇති.

Facebook සමඟ ඔබගේ WhatsApp දත්ත share කරගැනීමේ නව Privacy Policy එකට එකඟ නොවන්නේ නම් WhatsApp භාවිතා කිරීමේ හැකියාව ඔබට අහිමි වෙන ලකුණු
ඉදිරි මාසය තුළදී WhatsApp වෙතින් ඔබට නව app notification එක සම්බන්ධ update එකක්ලැබීමට නියමිත අතර, එම update එක සමඟ නව privacy policy එකක් සඳහා විමසීමක්ද ඔබටලැබීමට නියමිතයි. මෙම නව privacy policy එක මඟින් ඔබ විසින් WhatsApp සඳහා භාවිතා කරන ජංගම දුරකථනඅංකයද ඇතුළුව ඔබේ ඔනෑම WhatsApp පරිශීලක දත්තයක්…

මෙම ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ බොහෝ දෙනා WhatsApp අතහැර Telegram, Signal වැනි වෙනත් සේවාවන් වෙත මාරු වීමට කටයුතු කළ අතර මේ පිළබඳව වූ සිදුවීම් ගණනාවක් ගැනම TechNews.LK අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Facebook සමාගම අපේක්ෂා නොකළ පරිදි සිදුවූ මෙම සිදුවීම් පෙළ නිසාවෙන් පියවරක් පසුපසට ගොස් මෙම privacy changes සිදු කිරීමට සැළසුම් කළ දිනය වූ පෙබරවාරි 8 වැනි දිනයේ සිට, මැයි මස 15 වැනි දින දක්වා කල් දැමීමට ද මොවුන් කටයුතු කරනු ලැබුවා.

Facebook සමාගම සමඟ data share කිරීමේ WhatsApp කොන්දේසි සමඟ එකඟ වීම සඳහා ලබාදී තිබුණු අවසාන දිනය කල් දැමීමට WhatsApp ආයතනය කටයුතු කරයි
පසුගිය දා WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ terms & conditions අලුත් කරමින් ප්‍රකාශකර සිටියේ WhatsApp පරිශීලකයින් හට ඔවුන්ගේ දත්ත Facebook සමාගම සමඟ share කිරීමසඳහා එකඟ විය යුතු බවයි. Facebook සමඟ ඔබගේ WhatsApp දත්ත share කරගැනීමේ නව Privacy Policy එකට එකඟනොවන්නේනම් WhatsApp භාවිතා කිරීමේ හැකියාව ඔ…

බොහෝ දෙනෙකුට ගැටලුවක් ව පැවති, "මැයි 15 දිනට පෙර මෙම අලුත් privacy changes වලට එකඟ නොවුනොත් කුමක් සිදුවන්නේ ද?" යන ගැටළුවට පිළිතුරක් ලබාදීමට WhatsApp ආයතනය මේ වන විට කටයුතු කර තිබෙනවා.

මේ අනුව යම් හෙයකින් ඔබ අදාල දිනය වන විට මෙම වෙනස්කම් වලට එකඟ නොවන්නේ නම්, WhatsApp හරහා calls ගැනී‍මේ පහසුකම අවහිර කෙරෙනු ඇති අතර, ලැබෙන messages කියවීමට හෝ අලුතින් messages යැවීමේ හැකියාව අවහිර කෙරෙනවා.

WhatsApp Help Center - What happens on the effective date?
What happens on the effective date? - To give you enough time to review changes at your own pace and convenience, we’ve extended the effective date to May 15th. If you haven’t accepted by then, WhatsApp will not delete your account. However, you won’t have full functionality of WhatsApp until y…

කොහොම නමුත් ඉන් සති කිහිපයක් ගත වන තුරු ලැබෙන ඇමතුම් සහ notifications අවහිර නොකෙරෙනු ඇති අතර සති කිහිපයකින් පසුව මෙම පහසුකම් ද අවහිර කෙරෙනු ලැබෙනවා.

ඉන් පසුව සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් තවමත් ලබාදී නොමැති නමුත්, WhatsApp සමාගමේ අලුත් policy එකට අනුව දින 120කට වඩා භාවිතා නොකරන ලද WhatsApp ගිණුම් සම්පූර්ණයෙන්ම මකාදැමීමට WhatsApp ආයතනය කටයුතු කරනු ලබනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.