ජංගම දුරකථන නිශ්පාදන සමාගම් අතර ඇති තරඟය වැඩි වීමත් සමඟ විවිධ නව්‍යකරණයන් සහිත දුරකථන එළිදැක්වීම වුණා.

ජංගම දුරකථන වල තිරය විශාල කිරීමට උත්සුක වීම එලෙස නව්‍යකරණය වූ ප්‍රධානම අංගයක් ලෙස සැළකිය හැකි අතර ඒ සඳහා විවිධ ආකාරයේ උපක්‍රම යොදාගැනීමට සහ අත්හදාබැලීමට බොහෝ ජංගම දුරකථන නිෂ්පාදකයින් කටයුතු කරනු ලැබුවා.

මුලින්ම තුනී bezzle එකකින් ආරම්භ වූ මෙම වෙනස පසුව notch එකක් බවට පත් වී අනතුරුව notch ද ඉවත්ව pop-up camera සහිත උපාංග ද වෙළඳපොලට ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර Samsung සමාගම punch hole තිර තාක්ෂණය හඳුන්වා දුන්නේ ඊට පසුවයි.

කොහොම වුණත් මීට වසරකට පමණ පෙර සැම්සුන් විසින් KIPO (කොරියානු බුද්ධිමය දේපල කාර්යාලය) වෙත ඉදිරිපත් කරන ලදැයි කියන පේටන්ට් බලපත්‍රයක් පිළිබඳව මේ වන වි තොරතුරු වාර්ථා වෙනවා.

එයින් පැහැදිලි වන ආකාරයට දුරකථනයේ පිටතින් පිහිටුවන ලද notch එකක් සහිත තිරයකින් යුතු දුරකථනයක් පිළිබඳවයි. මෙතෙක් නිකුත් වූ notch සහිත දුරකථන සියල්ලේම notch එක පිහිටියේ දුරකථන තිරයේ ඇතුලත වන අතර, ඉන් පිටතින් නොවේ. මේ අනුව දුරකථනයේ ඉදිරිපස කැමරාව main speaker එක සහ අනෙකුත් sensors ස්ථාපිත කිරීම සඳහා මෙම notch එක භාවිතා වනු ඇති.

Patent description: the present design is a display module with a display panel attached to the back of the cover window used in a smartphone. The cover window includes a protruding portion at the top center and agreed to the protruding portion. By placing the cameras, speakers etc in there, the screen size can be maximized while creating a rectangle screen

කෙසේ වෙතත් මෙය දුරකථනයක තිරය විශාල කිරීමට යොදාගත හැකි කදිම ක්‍රමයක් යැයි සිතිය නොහැකි වන අතර මෙවැනි තිරයක් සහිත දුරකථනක් වෙළඳපොලට නිකුත් වීමක් ද ඉක්මනින් සිදු නොවනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය හා Lets Go Digital වෙබ් අඩවිය භාවිතා කළ හැක.