Facebook සමාගම විසින් ඔවුන්ගේම cryptocurrency එකක් එළිදැක්වීමට සූදානම් වන බව පසුගිය ජුනි මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Facebook සමාගමේ cryptocurrency එක Visa, Mastercard සහ Paypal වල සහාය ඇතිව ලබන සතියේදී එළිදක්වන ලකුණු
Facebook සමාගම විසින් ඔවුන්ගේම cryptocurrency එකක් එළිදැක්වීමට සූදානමින් සිටිනබව[https://technews.lk/facebook-reportedly-building-cryptocurrency-for-whatsapp-money-transfers/] පසුගිය වසරේ දෙසැම්බර් මස අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ඔන්න දැන් ලැබෙන තොරතුරු අනුව Visa [https://en.wikipedia.org/wiki/Visa_Inc.…

මේ Libra cryptocurrency එක පිළිබඳ නිළ වශයෙන් නිවේදනය කිරීමෙන් අනතුරුව එය ලොව පුරා බොහෝමයකගේ අවධානයට පත් වූ නමුත් ක්‍රමයෙන් PayPal සහ මීට එකතු වී සිටි ආයතන කිහිපයක් මෙයින් ඉවත් වන්නට තීරණය කර තිබුණා.

එමෙන්ම මේ වන විට මේ Libra Cryptocurrency එක පාලනය කරනු ලබන, Facebook සමාගමේ subsidiary එකක් වන Calibra ආයතනයට විරුද්ධව නඩුවක් පැවරීමට Current නැමැති බැංකුවක් කටයුතු කර තිබෙනවා.

Calibra | Digital Wallet for Libra Cryptocurrency
The Calibra wallet app is built on blockchain technology to enable people to move Libra, a borderless cryptocurrency, freely, securely and affordably.

මෙයට මූලික හේතුව වී තිබෙන්නේ මේ Current යන ආයතනයේ logo එක සහ Calibra ආයතනයේ logo එක පෙනුමින් තරමක් දුරට එක සමාන බවක් පෙන්නුම් කිරීමයි.

එමෙන්ම මේ ආයතන ද්විත්වයම තමන්ගේ logos නිර්මාණය කරගැනීම සඳහා San Francisco වල ඇති එකම ආයතනයක් සම්බන්ධ කරගෙන ඇති අතර, එම ආයතනය ද මේ නඩුවට අදාල වන බව වාර්ථා වෙනවා.

Current ආයතනය 2016 වර්ෂයේ අගෝස්තු මස සිට ඔවුන්ගේ logo එක භාවිතා කරමින් සිටි බවත්, Calibra logo එක එළිදැක්වූයේ පසුගිය ජුනි මාසයේදී බවත් වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ වන වි‍ට Stripe, eBay, Paypal, Mastercard සහ Visa යන ආයතන මේ cryptocurrency එක සඳහා තම දායකත්වය ලබාදීමෙන් ඉවත්වීමට කටයුතු කර ඇති අතර ඉදිරියේදී මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.