Project  Stream නමැති ව්‍යාපෘතියක් හරහා Chrome Browser එක හරහා high-end games play කිරීමේ හැකියාව අත්හදා බැලූ බව පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඔබව දැනුවත් කළා මතක ඇති.

මේ දින වල පැවැත්වෙන Game Developers Conference (GDC) 2019 event එක අතරතුරදී Google සමාගම විසින් ඔවුන්ගේ අනාගත gaming platform එක වන Stadia ව්‍යාපෘතිය ගැන තොරතුරු රැසක් අනාවරණය කරන්නට කටයුතු කර තිබෙනවා.

මේ අනුව මෙම Stadia යනු cross-platform, එහෙමත් නැතිනම් Android, Chrome වැනි platform රාශියක් හරහා කිසිඳු විශේෂ hardware එකක් භාවිතා නොකර game stream කිරීමේ හැකියාව ලබා දෙන සේවාවක් බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

ඔයා ඔයාගේ මිතුරන් සමඟ multiplayer game එකක් play කිරීමට කැමත්තෙන් සිටින නමුත්, මිතුරන් හට ඔබට තිබෙන device එක හෝ platform එක භාවිතා කිරීමේ හැකියාව නොමැති වුවත්, තමන්ගේ Android Phone එක, Chromebook එක හෝ Chromecast එක හෝ දැනටමත් පවතින පරිගණකය භාවිතා කර අදාල game එක ක්‍රීඩා කළ හැකි වෙනවා.

මෙහිදී සිදුවන සියළුම processing කටයුතු Google සමාගමේ servers වල සිදු කෙරෙනු ලබන අතර සියළුම දේ අන්තර්ජාලය තුල තිබෙන බැවින් ඔබ කුමන platform එකක් භාවිතා කලත් එම දත්ත වලට අදාල platform එක හරහා සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා.


අදාල game එකේ YouTube trailer එකක් බැලීමෙන් අනතුරුව එක් button එකක් පමණක් click කිරීමෙන් තත්ත්පර 5ක් පමණ ඇතුලත් අදාල game එක play කිරීමේ හැකියාව මේ මේ Google Stadia හරහා ලැබෙන අතර තවදුරටත් Console එක on කිරීමට, game download  කිරීමට, update කිරීමට කාලය ගත කිරීමට අවශ්‍යය වන්නේ නැහැ.

මීට අමතරව තමන් දැනට play කරමින් සිටින game එක එම අවස්ථාවේදීම YouTube හරහා සජීවීව stream කිරීමේ හැකියාව ද මේ හරහා ලබාගත හැකි වෙනවා.

කොහොම නමුත් ඔබව mobile phone එකෙන් game play කරනවා නම් screen එක tap කරමින් game play කිරීමට අකමැති නම්, Stadia Controller නමින් අලුත් game controller එකක් ද හඳුන්වා දීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ controller එක හරහා තමන්ගේ gaming අත්දැකීම වැඩිදියුණු කරගැනීමේ හැකියාව පවතින නමුත්, Stadia මගින් game play කිරීමට මෙය අත්‍යවශ්‍යය නොවන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මූලිකව මෙම ව්‍යාපෘතිය හරහා 4K - 60FPS gameplay අත්දැකීමක් ලබා දීමට කටයුතු කර තිබෙන මොවුන් මෙය 8K - 120FPS දක්වා වර්ධනය කිරීමට බළාපොරොත්තු වෙනවා. එමෙන්ම AMD සමාගම සමඟින් එකතු වී 10.7 teraflops පමණ බළයකින් යුතු GPU 56ක් ගොඩනැගීමට Google සමාගම කටයුතු කරමින් පවතිනවා.

එමෙන්ම දැනට DOOM Eternal game එක 4K - 50FPS තත්ත්වයේ quality එකකින් ක්‍රීඩා කිරීමේ හැකියාව පවතින අතර සෑම ක්‍රීඩකයෙකු හට ම dedicated GPU එකක් වෙන් කිරීමට ඔවුන් කටයුතු කරනු ලබනවා.

මීට අමතරව Project Stream හරහා ලබා දීමට කටයුතු කළ Assassin's Creed Odyssey game එක ද ළඟදීම මේ හරහා ද ලබාදෙනු ඇති බව බොහෝ දෙනා මත පළ කරනවා.

කොහොම වුණත්, තවමත් මෙම සේවාවේ මිළ ගණන් හෝ එළිදැක්වීමට නියමිත දිනයන් පිළිබඳව නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට Google සමාගම කටයුතු කර නොමැති වුවත්, මෙම වසර ඇතුලත US, Canada සහ තවත් යුරෝපා රටවල් වලට මෙය ලබා දීමට බළාපොරොත්තු ‍වෙනවා.

එමෙන්ම මෙම සේවාව පිළිබඳව අලුත්ම තොරතුරු ගැන දැනගැනීම සඳහා ඔවුන්ගේ නිළ Twitter ගිණුම හා Reddit thread එක භාවිතා කිරීමේ අවස්ථාව මේ වන විට ලබා දී තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක, XDA-Developers වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.