Apple සමාගමේ iOS මෙහෙයුම් පද්ධතිය මත apps install කිරීම සඳහා Apple AppStore එක හැර වෙනත් ක්‍රමයන් වලට අවස්ථාව ලබා නොදීම සහ මේ පිළිබඳව ඒකාධිකාරයක් පතුරුවාගෙන යාම කෙරෙහි විවිධ අවස්ථා වලදී Apple සමාගමට විරුද්ධය චෝදනා එල්ල වූ බව ඔබ දන්නවා ඇති.

AppStore එක හරහා පමණක් apps install කිරීමේ හැකියාව ලබාදීමත්, ඒ හරහා සිදු කරනු ලබන සෑම මිළදීගැනීමකින්ම 30%ක ප්‍රමාණයක් Apple සමාගම විසින් ලබාගැනීම අනිවාර්යය වීම නිසාත් Spotify ආයතනය මෙන්ම Epic Games ආයතනය විසින් ද Apple සමාගමට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කළා මතක ඇති.

මේ අතර කලක් ලොව පුරා iPhone පරිශීලකයින් අතර ජනප්‍රියව පැවතුනු Cydia app එකේ නිර්මාතෘවරයා වන Jay Freeman විසින් Apple සමාගමට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව Apple සමාගම මගින් තම iOS මෙහෙයුම් පද්ධතිය මත Apple AppStore එකට අමතරව වෙනත් app stores install කරගැනීමේ හැකියාව ලබා නොදී පවත්වාගෙන යන ඒකාධිකාරී පිළිවෙතට විරුද්ධව antitrust නඩුවක් ගොණු කිරීමට මොහු කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

iOS එකට Apple සමාගම විසින් AppStore එක හඳුන්වාදීමටත් වසරකට පමණ පෙර (2007 වර්ෂයේ) සිට jailbreak කරන ලද iPhone වල apps install කිරීම සඳහා මේ Cydia app store එක හඳුන්වාදෙනු ලැබුණු නමුත් ඉන් පසුව Apple සමාගම විසින් ඔවුන්ගේ AppStore එක හඳුන්වාදීමත් සමඟින් මේ Cydia සේවාවට විරුද්ධව නඩු පවරා එය නවත්වාදැමීමට කටයුතු කරනු ලැබුවා.

මේ නිසාවෙන් Apple සමාගම විසින් බළහත්කාරයෙන් Cydia iOS app distribution සේවාව නවත්වාදැමීමට කටයුතු කළ බව ඔහු චෝදනා කර සිටිනවා.

Jailbreak කළ iPhone සඳහා වූ Cydia App Store එක හරහා App අලෙවි කිරීම නතර කර දමයි
දශකයක පමණ කාළ සීමාවක් තිස්සේ Jailbreak කළ iPhone[https://en.wikipedia.org/wiki/IOS_jailbreaking], iPad සහ iPod Touch සඳහා Appsdownload කරගතහැකි වූ Cydia [https://cydia.saurik.com/] App Store එක හරහාතවදුරටත් මිළදීගැනීම් සිදු කිරීමේ පහසුකම ලබා නොදීමට එහි හිමිකරු වන Jay Freeman[https://en.wikipedia…

2018 වර්ෂයේදී මේ Cydia App Store එක හරහා apps මිලදීගැනී‍‍මේ හැකියාව නතර කර දැමීමට කටයුතු කරනු ලැබූ නමුත් පසුගිය වසරක පමණ කාළසීමාව ඇතුලත අනෙකුත් තාක්ෂණික සමාගම් විසින් Apple සමාගමට විරුද්ධව මේ ආකාරයේ බළපෑමක් එල්ල කිරීමට කටයුතු කිරීමත් සමඟ Jay Freeman ද මෙයට සහාය දීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.