2019 වර්ෂයේ ජූලි මාසයේදී Apple සමාගම විසින් Intel සමාගමේ Modem ව්‍යාපාරය මිලදීගැනීමට සූදානමින් සිටි බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Apple සමාගම විසින් Intel සමාගමේ 5G Modem ව්‍යාපාරය මිලදීගැනීමට සූදානම් වෙන ලකුණු
Qualcomm සමාගම හා Apple සමාගම ඔවුන් අතර පැවැති නඩු සමථයකට පත් කර ගැනීමෙන්අනතුරුව, Intel සමාගම ඔවුන්ගේ 5G Modem නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්මනවත්වාදැමීමට තීරණය කළ බව[/apple-and-qualcomm-settle-royalty-lawsuits-with-new-patent-agreement/] පසුගියඅප්‍රේල් මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති. I…

විශේෂයෙන්ම Apple සමාගම සහ Qualcomm සමාගම අතර නිතර ඇති වන නීතිමය ගැටුම් නිසාවෙන් මේ වන විට Apple සමාගම විසින් ඔවුන්ගේම cellular modem chip එකක් නිෂ්පාදනය කිරීමට සූදානමින් සිටින බව Bloomberg වෙබ් අඩවිය වාර්තා කරනවා.

Apple සමාගමේ hardware technologies අංශයේ නියෝජ්‍යය ප්‍රධානියා වන Johny Srouji මහතා විසින් මෙය සනාථ කර ඇති නමුත්, මෙම chip එක තවමත් මූලික අවධියෙහි පවතින බව දැනගන්නට ලැබෙනවා.

මේ වන විට වෙළඳපොලට නිකුත් කර ඇති අලුත්ම iPhone වල අන්තර්ගත modem නිෂ්පාදනය කර ඇත්තේ Qualcomm සමාගම විසින් වන අතර මීට පෙර Intel සමාගම විසින් නිෂ්පාදත modems තම iPhone සඳහා භාවිතා කිරීමට Apple සමාගම කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම 2019 වර්ෂයේදී Qualcomm සමාගමත් සමඟින් අත්සන් තැබුණු ගිවිසුම අනුව තවත් වසර 6ක් දක්වා iPhone සඳහා modem ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇති අතර, Apple සමාගමට තමන්ගේම modem එකක් නිෂ්පාදනය කරගැනීම සඳහා මේ කාලය ප්‍රමාණවත් වනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

කොහොම නමුත් මෙලෙස Apple සමාගම විසින් නිෂ්පාදිත modem එකක් කුමන iPhone එක සමඟින් වෙළඳපොලට නිකුත් කරනු ඇත්දැයි යන්න පිළිබඳව අදහසක් ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩි අතර, ඉදිරියේදී මේ පිළිබඳව තවත් විස්තර දැනගැනීමට ලැබෙනු ඇත බව බළාපොරොත්තු විය හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය සහ Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.