පසුගිය කාලයේ බොහෝ ජනප්‍රිය වූ Among Us Game එකෙහි developer වරුන් වන InnerSloth සමාගම විසින් Among Us Game එක සඳහා 2021 වසරේදී නව map එකක් ලබාදීමට කටයුතු කරන බවට නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා.
☀️ THE AIRSHIP - A new map coming early 2021 ☀️
— Among Us ✨ weekend! less replies!! (@AmongUsGame) December 11, 2020
Prepare yourselves, crewmates. This upcoming (free!) map will include:
🔹 all new tasks
🔹 your choice of what room to start in
🔹 ladders?!
🔹 and more?
But don't forget about those Impostors lurking around... pic.twitter.com/IU2HJGuyEY
'The Airship' නමින් හැඳින්වෙන මෙම map එක ලබන වසරේ මුල් භාගයේදී Among Us ක්‍රීඩකයින්ට ලබා ගත හැකි වනු ඇති අතර මෙම නව map එකත් සමඟ නව tasks සහ skins මෙන්ම, match එක start කිරීමට කැමති room එක තෝරාගැනීමට හැකියාව, ship එකෙහි ඇතැම් ස්ථානවලට ladders සහ elevators භාවිතා කරමින් ගමන් කිරීමට හැකියාවද ලබා දීමට නියමිතව ඇති බවට වාර්තා වෙනවා.
පසුගිය මාසයේ ඉඟිකරන ලද මෙම map එක game එකට එකතු කරන ලද සිව්වන map එක වන අතර මෙම map එක දැනට පවතින maps වලට වඩා පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.


මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Among Us Game නිළ Twitter ගිණුම සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.