පසුගිය ජුනි මාසයේදී පැවැත්වුණු WWDC 2020 event එක අතරතුරදී මුලින්ම Apple සමාගම විසින් iOS 14 සහ iPadOS 14 සංස්කරණය පිළිබඳව තොරතුරු නිකුත් කිරීමට කටයුතු කරනු ලැබූ බව ඔබට මතක ඇති.

WWDC 2020 event එක අතරතුර Apple සමාගම විසින් එළිදැක්වූ වැදගත් දේවල් පිළිබඳව දැනගනිමු
ජුනි මස 22 වැනි දින Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC 2020 event එක, online eventඑකක් ලෙස පැවැත්වීමට සූදානමින් සිටින බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ජුනි මස 22 වැනි දින WWDC 2020 online event එක ආරම්භ කිරීමට Apple සමාගම දින නියමකරයිසාමන්‍ය‍යෙන් ඇපල් WWD සමුළුව (Apple Worldwide Developers Co…

ඉන් පසුව ජූලි මාසය වන විට එහි පළමු public beta සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කළ Apple සමාගම ඊයේ පැවති Time Flies event එක අතරතුරදී නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිය‍ේ iOS 14 සහ iPadOS 14 සංස්කරණය ඊයේ දිනයේ, එනම් සැප්තැම්බර් 16 වැනි දින සිට අදාල devices වලට ලබාදීමට කටයුතු කරනු ලබන බවයි.

Apple සමාගම විසින් iOS 14 සංස්කරණයේ පළමු public beta එක නිකුත් කිරීමට කටයුතු කරයි
පසුගිය මාසයේ පැවැත්වූ WWDC 2020 event එක අතරතුරදී iOS 14 සංස්කරණය පිළිබඳවතොරතුරු අනාවරණය කිරීමට Apple සමාගම කටයුතු කළ අතර ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු මින්පෙර ලිපියක් මඟින් අප ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. WWDC 2020 event එක අතරතුර Apple සමාගම විසින් එළිදැක්වූ වැදගත් දේවල් පිළිබඳවදැනගනිමුජ…

මේ අලුත් iOS එකේ සහ iPadOS එකේ ඇතුලත් වන පහසුකම් පිළිබඳ දීර්ඝ විස්තරයක් අපගේ WWDC 2020 event එක පිළිබඳව වන ලිපියෙහි සාකච්ඡා කර ඇති අතර, මේ අනුව අලුත් Widgets පහසුකම, App Library, Picture-in-picture mode එක, වැඩිදියුණු කරනු ලැබූ Siri පහසුකම ඇතුළු තවත් පහසුකම් ගණනාවක් මෙහි අන්තර්ගත වෙනවා.

iOS 14 සංස්කරණය iPhone 6s වලින් පසුව නිකුත් කරනු ලැබූ සියළුම iPhone ජංගම දුරකථන සඳහා ලැබෙනු ඇති අතර, iPadOS 14 සංස්කරණය සියළුම iPad Pro මාදිලි, iPad (7th generation), iPad (6th generation), iPad (5th generation), iPad mini 4 සහ 5, iPad Air (3rd generation), iPad Air 2 යන devices සඳහා ලැබෙනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Engadget වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.