Samsung, Huawei හා Motorola යන සමාගම් වර්තමානයේ foldable devices නිර්මාණය කිරීමෙහි ලා සක්‍රීයව කටයුතු කරන සමාගම් වුවත් ලොව පළමු foldable උපාංගයක් ලොවට හඳුන්වාදීමේ ගෞරවය හිමි වන්නේ මෙම සමාගම් කිසිවකට නොවේ.

චීන තාක්ෂණික උපාංග නිශ්පාදකයෙකු වන Royole සමාගම විසින් මෙම ගෞරවය හිමිකරගත් සමාගම වන අතර ඔවුන් විසින් පාරිභෝගික භාවිතය සඳහා සාර්ථක පළමු foldable device එක 2018 වසරේදී නිකුත් කිරීමට කටයුතු කලා.

නම්‍යශීලී Display එකක් සහිත ලොව ප්‍රථම ජංගම දුරකථනය Royole FlexPai
ඔන්න දැන් ලොව ප්‍රථම වතාවට නම්‍යශීලී display එකක් එහෙමත් නැතිනම් flexibledisplay [https://en.wikipedia.org/wiki/Flexible_display] එකක් සහිත ජංගමදුරකථනයක් එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා. ලෝකයේ අංක එකේ mobile display නිෂ්පාදකයා වන Samsung සමාගම විසින් ලොව ප්‍රථමflexible display එකක් සහිත ජංගම දුරකථ…

Royole Flexpai ලෙස හැඳින්වුනු එය $1,300 ක පමණ මුදලකට නිකුත් කෙරුණු අතර මූලිකව චීන වෙළඳපොල පමණක් ඉලක්ක කර අලෙවි කිරීම සිදු වුණා.

මේ අතර මෙම වසරේ මාර්තුවේ සිට Flexpai 2 version එකක් පිළිබඳව බොහෝ කටකතා පැතිරුණු අතර දැන් එම කටකතා සත්‍යක් බවට පත් කරවමින් Flexpai 2 මාදිලිය සැප්තැම්බර් 21 වැනි දින හඳුන්වාදීමට Royole සමාගම විසින් තීරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

වාර්ථා වන පරිදි මෙම Flexpai 2 හි අඟල් 7.8 ක 1440 x 1920 resolution එකක් ඇති 3rd generation Cicada Wing Fully Flexible OLED Display එකක් ඇති අතර එය 60Hz refresh rate එකකට සහය දක්වනවා.

කොහොම නමුත් මේ වන විට බොහෝ premium devices වල 90Hz හෝ 120Hz refresh rate එකක් සහිත් display අන්තර්ගත වන බව දැකගත හැකි වෙනවා.

එමෙන්ම Snapdragon 865 processor එකක් 12GB LPDDR5 RAM එකක් හා 4050mAh බැටරියකින් යුත් මෙම නවතම Flexpai උපාංගය 64MP + 16MP + 8MP + 32MP ලෙස quad camera setup එකකින් සන්නද්ධ වනු ඇති බව පැවසෙනවා.

කොහොම නමුත් මෙය Galaxy Z Fold 2 වලට වඩා මිල අඩු වනු ඇති අතර සැප්තැම්බර් 21 වැනි දින පැවැත්වීමට නියමිත launch එකෙන් පසුව උපාංගයේ specifications පිලිබඳව තවත් තොරතුරු දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Android Headlines වෙබ් අඩවිය භාවිතා කළ හැක.