ජුනි මස 22 වැනි දින Apple සමාගම විසින් ඔවුන්ගේ WWDC 2020 event එක, online event එකක් ලෙස පැවැත්වීමට සූදානමින් සිටින බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ජුනි මස 22 වැනි දින WWDC 2020 online event එක ආරම්භ කිරීමට Apple සමාගම දින නියම කරයි
සාමන්‍ය‍යෙන් ඇපල් WWD සමුළුව (Apple Worldwide Developers Conference එක)ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ, San Jose හි McEnery සම්මේලන මධ්‍යස්ථානයේ දීපවත්වන නමුත් පසුගිය දින වල එම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයන් හඳුනා ගැනීම බහුල බැවින්සම්මේලනය Online ලෙස පැවැත්වීමට තීරණය කර ඇති බව අපි මීට පෙර ඔබව දැනුවත්…

මේ අනුව ලොව පළමු වතාවට Apple සමාගමේ WWDC event එකක් online ලෙස පමණක් පැවැත්වීමට කටයුතු සිදු කෙරුණු අතර මෙහිදී iOS, macOS සහ ඔවුන්ගේ අනෙකුත් software සම්බන්ධ එළිදැක්වීම් ගණනාවක් සිදු කිරීමට කටයුතු කෙරුණා.

iOS 14 පිළිබදව ‣

මෙම වසරේ අවසානයේදී නිකුත් කිරීමට නියමිත iOS වල මීළඟ major release එක වන iOS 14 සංස්කරණය පිළිබඳව විස්තර මෙහිදී ඉදිරිපත් කෙරුණු අතර බොහෝ දෙනෙකුගේ අවධානය අලුත් Widgets සහ App Library පහසුකම වෙත යොමු වුණා.

Widgets
මීට පෙර iOS homescreen එකේ Today view එක තුළ පමණක් ඇතුලත් කර තැබිය හැකි වූ Widgets මේ අලුත් iOS 14 සංස්කරණයත් සමඟින් විවිධ ප්‍රමාණයේ widgets homescreen එකේ ඕනෑම තැනකට drag කරගෙන ගොස් තැබිය හැකි අතර, විශේෂයෙන්ම මේ widgets, information rich, එහෙමත් නැතිනම් විශාල තොරතුරු ප්‍රමාණයකින් සමන්විත, එහෙත් සරළ, අලංකාර පෙනුමක් ලබාදෙනවා.

Widgets

App Library
මේ අලුත් App Library පහසුකම homescreen එකේ අවසන් පිටුව වශයෙන් එකතු වනු ඇති අතර homescreen එකේ නොමැති අනෙකුත් සියළුම apps, ස්ව්‍යංක්‍රීයව categorize කර, වෙන වෙනම පිළිවෙලකට පෙන්වනු ලබනවා.

App Library

Picture-in-picture mode
iOS 9 වල සිට iPad එකේ picture-in-picture video play කිරීමේ හැකියාව ලබාදී තිබුණත් මේ පහසුකම මේ දක්වා iPhone වලට ලබාදීමට කටයුතු කර තිබුණේ නැහැ.

කොහොම නමුත් මේ iOS 14 සංස්කරණයත් සමඟින්, ඔබ video එකක් play කරමින් සිටින අවස්ථාවකදී හෝ video chat කරමින් සිටින අවස්ථාවකදී apps අතර මාරු වුවහොත් picture-in-picture mode එක හරහා කුඩා view එකකින් අදාල video එක පෙන්වනු ලබනවා.

Picture-in-picture mode

මේ preview එකේ ප්‍රමාණය ඔබට අවශ්‍යය පරිදි වෙනස් කරගැනීමට හැකියාව ලැබෙන අතර ඔබට යම් අවස්ථාවකදී සම්පූර්ණ screen එක දැකගැනීමට අවශ්‍යය නම් video එක close කිරීම වෙනුවට, එය කුඩා icon එකකට හරවා තැබීමේ හැකියාවක් ද ලබාදීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

Siri
Apple Siri personal assistant වැඩසටහනට අදාල වෙනස්කම් කිහිපයක් ද සිදු කිරීමට Apple සමාගම කටයුතු කර ඇති අතර විශේෂයෙන්ම මීට පෙර මේ Siri සේවාව භාවිතා කරන විට popup වුණු fullscreen overlay එක වෙනුවට, කුඩා bubble එකක් සහිත අලුත් පෙනුමක් ලබාදී ඇති අතර ඒ හරහා ලබාදෙනු ලබන results පෙන්වීම සාමාන්‍යය notification එකක් ආකාරයෙන් පෙන්වීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.

Siri compact mode

මීට අමතරව iMessage හරහා audio messages යැවීමේ හැකියාව Siri වෙත එකතු කර ඇති අතර keyboard dictation භාවිතා කරන අවස්ථාවන්හි දී voice එක text බවට හැරවීමේ ක්‍රියාවලිය on-device, එහෙමත් නැතිනම් device එක තුළදී ම සිදු කිරීම හරහා එහි වේගවත් බව වැඩි කිරීමටත්, පරිශීලකයාගේ privacy එක ආරක්ෂා කිරීමටත් කටයුතු කර තිබෙනවා.

Translate

එමෙන්ම අලුතින් හඳුන්වාදුන් Translate app එකේ සහාය ඇතිව Siri සේවාව හරහා විවිධ භාශාවන් ගණනාවක් ම translate කරගැනීමේ හැකියාව ලැබෙන අතර මෙහි විශේෂත්වය වන්නේ මේ translations සිදු කිරීම අන්තර්ජාල සබඳතාවය නොමැති අවස්ථාවක වුවද සිදු කරගැනීමේ හැකියාව ලබා දී තිබීමයි.

මේ අලුත් translate app එක හරහා භාශා දෙකකින් conversation එකක් පවත්වාගෙන යෑමට පවා හැකියාව ලබාදීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

Messages
වැදගත්, එහෙමත් නැතිනම් ඔබ නිතරම භාවිතා කරනු ලබන conversations pin කිරීමේ හැකියාවත්, කරදරකාරී group chats වැන conversation සඳහා නිතරම ලැබෙන notifications ප්‍රමාණය අවහිර කර, ඒ වෙනුවට අදාල පරිශීලකයා එම conversation එක තුළ mention කරනු ලැබුවහොත් පමණක් notify කරන ලෙස සකස් කිරීමේ හැකියාවත් Messages වලට එකතු කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

Pinned Messages

Maps
Apple සමාගම විසින් ඔවුන්ගේ Maps සේවාව ද වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇති අතර මේ වසර ඇතුලත UK, Ireland සහ Canada යන රටවල් වලට මෙය ලබාදීමටත්, ඇමෙරිකාවේ සහ චීනයේ ප්‍රදේශ කිහිපයකට electric vehicle භාවිතා කරන්නන් හට charging locations වැනි වැදගත් තොරතුරු පෙන්වීමට ද, පාපැදිකරුවන් හට cycling directions පෙන්වීමට ද කටයුතු කරනු ලබනවා.

Apple Maps

CarPlay
Apple CarPlay සේවාව සඳහා wallpaper එකතු කිරීමේ option එක ලබාදීමත්, parking, charging, food ordering වැනි අලුත් apps කිහිපයක් ලබාදීමටත් Apple සමාගම කටයුතු කර ඇති අතර, BMW ඇතුළු මෝටර් රථ නිෂ්පාදකයින් කිහිපදෙනෙකු සමඟින් ඇතිකරගත් එකඟතාවයක් අනුව, ඔබගේ iPhone එක මෝටර් රථයේ යතුර වෙනුවට භාවිතා කළ හැකි පහසුකමක් ද හඳුන්වාදීමට මොවුන් සූදානමින් සිටිනවා.

Digital Car Keys

මේ අනුව වෙනත් පුද්ගලයෙකු හට ඔබගේ මෝටර් රථයේ යතුර ලබාදීමට අවශ්‍යය නම්, iMessage හරහා එය යැවීමේ හැකියාව ලැබෙන අතර මේ යතුරු පිළිබඳව තොරතුරු ගබඩා කර ගැනීම සඳහා අලුත් iPhone වල අන්තර්ගත වන U1 chip එක භාවිතා කෙරෙනු ලැබෙනවා.

App Clips
මේ අලුත් iOS 14 සංස්කරණයත් සමඟින් හඳුන්වාදෙනු ලබන තවත් පහසුකමක් වන්නේ App Clips පහසුකම වන අතර මේ හරහා යම්කිසි app එකක කොටසක් install කිරීමකින් තොරව භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

App Clips

මෙවැනි App Clips අන්තර්ජාලය භාවිතා කරන අවස්ථාවන්හි දී මෙන්ම Messages, Maps, NFC Tags සහ QR Code හරහා ද launch කිරීමේ හැකියාව සහ share කරගැනීමේ හැකියාව ලැබෙන අතර ඔබ එම App Clip එකට කැමති නම්, එහි full app එක App Library එක හරහා download කරගැනීමේ හැකියාව ද පවතිනවා.

iPad OS ගැන ‣

2019 වර්ෂයේ පැවති WWDC event එක අතරතුරදී iPad සඳහා iOS එක වෙනුවට, අලුත් iPad OS එක හඳුන්වාදීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති. මෙය iPad devices සඳහා විශේෂිත වූ පහසුකම් එකතු කරන ලද iOS එකේම extended version එකක් ලෙස සැළකිය හැකි වෙනවා.

මේ iPad OS එකට ද මුලින් සඳහන් කළ iOS පහසුකම් සියල්ලම පාහේ අන්තර්ගත වන අතර ඊට අමතරව තවත් පහසුකම කිහිපයක් ඇතුලත් කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

Universal search
iPad එකේ තිබුණු full screen search UI එක වෙනස් කරමින් එය compact system-wide feature එකක්, එහෙමත් නැතිනම් ඕනෑම app එකක් මත සිටියදී භාවිතා කළ හැකි පහසුකමක් ලෙස නිර්මාණය කර තිබෙනවා.

Universal search

මේ search පහසුකම හරහා Keynote, Messages, Mail සහ files වැනි දේවල් වල අන්තර්ගත වන දෑ පවා search කිරීමේ හැකියාව ලැබෙන අතර අපි web browser එක භාවිතා කරනු ලබන අවස්ථාවන්හි දී මෙන්ම web address එක search bar එකට ඇතුලත් කිරීම හරහා අදාල වෙබ් අඩවියට පිවිසීමේ හැකියාව ද ලබා දී තිබෙනවා.

Apple Pencil/Scribble
iPad OS එකට එකතු කළ අලුත් පහසුකම් අතරින් පරිශීලකයින් හට වැදගත් වන තවත් පහසුකමක් වන්නේ දැන්, ඕනෑම text field එකක් මත handwriting පහසුකම භාවිතා කිරීමේ හැකියාව ලබාදීම වන අතර මේ හරහා type කිරීම සඳහා Pencil එක අතින් ඉවත් නොකර ඉතාමත් පහසුවෙන් එම කටයුත්ත සිදු කරගැනීමේ හැකියාව ලැබෙනවා.

Scribble

මීට අමතරව ඔබ Pencil එක භාවිතා කරමින් අඳින් ඊතලය, තරු වැනි සරළ shapes, computer-drawn shapes, එහෙමත් නැතිනම් පරිගණකය විසින් අඳින ලද shapes බවට ස්ව්‍යංක්‍රීයව convert වන පහසුකමක් ද මේ සමඟින් ලබාදෙනු ලැබෙනවා.

Watch OS සහ Apple Watch ගැන ‣

Face Sharing
Apple Watch පරිශීලකයින් හට තමන් සතුව ඇති watchface එකක් මිතුරෙකුට යැවීමට හෝ වෙබ් අඩවියක් හරහා තමන් කැමති watchface එකක් download කරගැනීමට හෝ අවශ්‍යය නම්, දැන් ඒ පහසුකම Watch OS වලට අන්ර්ගත කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

Face Sharing

Cycling directions
iOS වල Maps සේවාව සඳහා එකතු කළ Cycling directions පහසුකම Watch OS එක සඳහා ද ලැබෙන අතර පාපැදිකරුවන් හට Apple Watch එක හරහා ඉතාමත් පහසුවෙන් එම පහසුකම භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

Sleep tracking
Apple Watch පරිශීලකයින් විසින් දිගු කාලයක් තිස්සේ ඉල්ලා සිටි පහසුකමක් වන automatic sleep tracking පහසුකම දැන් Watch OS එකට ලබාදීමට කටයුතු කර ඇති අතර මේ හරහා ලබාගනු ලබන දත්ත අනුව iPhone එකේ Wind-down mode එක enable කිරීමටත්, Watchface එක සරළ night mode එකකට වෙනස් කර, screen එක සම්පූර්ණයෙන් off කිරීමටත් කටයුතු කෙරෙනු ලැබෙනවා.

Sleep tracking

Handwashing detection
Apple Watch එක පැළඳ සිටින අවස්ථාවන් වලදී අත් සේදීමට කටයුතු කරන්නේ නම් එය ස්ව්‍යංක්‍රීයව හඳුනාගැනීමේ හැකියාව දැන් Watch OS එක සතුව ඇති අතර මෙය හඳුනාගැනීම සඳහා accelerometer එක සහ microphone එක භාවිතා කරනු ලබන බව ඔවුන් පෙන්වා දෙනවා.

View post on imgur.com

මෙලෙස අත්සේදීමක් හඳුනාගත් විට ස්ව්‍යංක්‍රීයවම තත්ත්පර 20ක countdown timer එකක් පෙන්වීම හරහා සෞඛ්‍යාරක්ෂිත අත් සේදීමක් සිදුකර ගැනීමට පරිශීලකයා හට උදව් කිරීමට Apple Watch එකට හැකියාව තිබෙනවා.

MacOS Big Sur ගැන ‣

MacOS එකේ මීළඟ සංස්කරණය “Big Sur” යනුවෙන් හැඳින්වෙනු ඇති අතර මෙය iOS එකට වඩාත් සමීප පෙනුමක් ලබාදීමට ද Apple සමාගම කටයුතු කර තිබෙනවා.

Control center
iOS වල තිබුණු Control center පහසුකම macOS වෙත ගෙන ඒමට Apple සමාගම කටයුතු කර ඇති අතර මේ හරහා iOS වලදී මෙන්ම display brightness, volume, dark mode, WiFi මෙන්ම තවත් options රැසක් ඉතාමත් පහසුවෙන් control කිරීමේ හැකියාව ලැබෙනවා.

Control center

Notification Center
macOS වල ඇතුලත් වුණු notification center option එක ද වැඩිදියුණු කිරීමට මොවුන් කටයුතු කර ඇති අතර එයට වඩාත් clean පෙනුමක් ලබාදීමටත්, notification සහ widgets එකම view එකක පෙන්වීමටත් කටයුතු කර තිබෙනවා.

Notification Center

Maps
macOS වල ඇති Maps app එක redesign කිරීමට කටයුතු කර ඇති අතර ඒ හරහා in-door maps, guides, favorite locations වැනි අලුත් පහසුකම් ද භාවිතා කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.

Apple Maps

Safari
Safari Browser එක තුළ save කරනු ලැබූ ඔබගේ passwords අන්තර්ජාලයේ කොතැනකදී හෝ leak වී හෝ හැකර්වරුන්ගේ ප්‍රහාරයකට ලක් වී ඇත්නම්, ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා Privacy Report නම් පහසුකමක් අන්තර්ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

Privacy Report

මීට අමතරව Safari වල extensions ක්‍රියාත්මක වන ක්‍රමයෙහි වෙනසක් සිදු කර ඇති අතර මින් පසුව ඔබ භාවිතා කරනු ලබන extenstions හරහා developer වරුන් ලබාගන්නා තොරතුරු පිළිබඳව දැනුවත් කරනු ලබන අතර, extention එකකට යම් option එකක් සඳහා access ලබාදෙන්නේ නම්, එය යම්කිසි කාලසීමාවකට හෝ යම්කිසි වෙබ් අඩවියකට හෝ කිහිපයකට ලෙස සීමා කිරීමේ හැකියාව ද ලබාදී තිබෙනවා.

Privacy Changes ගැන

Approximate location
යම්කිසි app එකක් සඳහා location permission ඉල්ලා සිටින අවස්ථාවකදී ඔබගේ නිශ්චිත location එකේ අක්ෂාංශ/දේශාංශ ලබාදීම වෙනුවට, ඔබ සිටින ප්‍රදේශය පමණක් හඳුනාගත හැකි ලෙස location එක share කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

Mic/Camera indicator
මීට අමතරව යම්කිසි app එකකින් ඔබගේ microphone එක හෝ camera එක භාවිතා කරනු ලබන්නේ නම්, එය light එකක් හරහා indicate කිරීමට ද කටයුතු කෙරෙනු ලැබෙනවා.

Mic/Camera indicator

Simplified privacy polices
එමෙන්ම developer වරුන් හට privacy policy වල සරළ සංස්කරණයක් සෑම iOS සහ macOS app එකක් සඳහාම ලබාදීම අනිවාර්යය වනු ඇති අතර අදාල app එක හරහා එකතු කරනු ලබන තොරතුරු පිළිබඳව හා වෙනත් පාර්ශවයන් සමඟ share කරගනු ලබන තොරතුරු පිළිබඳව පරිශීලකයාගේ අවධානය යොමු කරවීම මෙහි අරමුණ වෙනවා.

Simplified privacy polices
AirPods ගැන

Automatic device switching
Multiple devices අතර ස්ව්‍යංක්‍රීයව මාරු වීමේ හැකියාව Apple AirPods වෙත ලබාදීමට කටයුතු කෙරෙනු ඇති අතර, මේ අනුව iPad එකකින් යම්කිසිවකට සවන් දෙමින් සිටින අතර iPhone එකට දුරකථන ඇමතුමක් ලැබුණහොත්, ඒ ස්ව්‍යංක්‍රීයවම අදාල device එකට මාරු කර AirPod හරහා අදාල දුරකථන ඇමතුමට පිළිතුරු දීමට හැකියාව ලැබෙනවා.

Mac පරිගණක සඳහා වන අලුත් Processors ගැන ‣

Apple සමාගම Intel processors වලින් තමන්ගේම ARM-based CPU වෙත මාරු වීමට කටයුතු කරනු ඇති බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Apple ආයතනය විසින් Mac පරිගණක සඳහා Intel වෙනුවට ARM-based processors භාවිතයට යොමු වන ලකුණු
Apple සමාගම මේ මාසයේ පැවැත්වීමට නියමිත WWDC 2020 හිදී Intel processors වලින්තමන්ගේම ARM-based chips වෙත මාරු වීමට සූදානම් වන බව නිළ වශයෙන් නිවේදනය කරනුඇතැයි මේ වන විට Bloomberg වෙබ් අඩවිය වාර්තා කරනු ලබනවා[https://www.bloomberg.com/news/articles/2020-06-09/apple-plans-to-announce-move-to-its-own-mac-chips-at-wwdc…

ඔන්න දැන් මේ පුවත සනාථ කරමින් වසර ගණනාවක් තිස්සේ iPhone/ iPad සහ Apple Watch සඳහා නිර්මාණය කරනු ලැබුවාක් මෙන් mac පරිගණක සඳහා ද ඔවුන්ගේම CPU එකක් නිර්මාණය කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මේ හරහා power consumption එක අඩු කරගනිමින්, ඉතාමත් හොඳ තත්ත්වයේ performance level එකක් ලබාදීමේ හැකියාව ලැබෙන බව පෙන්වා දෙන අතර Apple සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ දැනටමත් Microsoft, Adobe වැනි සමාගම් සමඟ එකතු වී මීට සරිලන මෘදුකාංග නිර්මාණය කිරීම පිළිබඳව ද කටයුතු කරනු ලබන බවයි.

කොහොම නමුත් මෙය ARM based CPU එකක් වන නිසාවෙන් iOS සඳහා නිර්මාණය කළ apps සියල්ලක්ම පාහේ මේ මත run කිරීමේ හැකියාව ලැබෙන අතර අනෙකුත් apps ස්ව්‍යංක්‍රීයව compatible ආකාරයට ක්‍රියාත්මක කරවීම සඳහා macOS Big Sur වල අන්තර්ගත වන Rosetta 2 translator එක භාවිතා කළ හැකි වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple Newsroom වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.