Patent බළපත්‍ර උල්ලංඝනය නිසාවෙන් Apple සමාගම සහ Qualcomm සමාගම අතර තිබුණු අර්බුධය වසර ගණනාවක නඩු කිහිපයකින් පසුව සමථයකට පත් කරගැනීමට පසුගිය අප්‍රේල් මාසයේදී කටයුතු කරනු ලැබූ බව ඔබට මතක ඇති.

Qualcomm හා Apple සමාගම් අතර තිබූ නඩු ඉවත් කරගෙන එකඟතාවයකට පැමිණීමට කටයුතු කරයි
Apple සමාගම [https://en.wikipedia.org/wiki/Apple_Inc.] හා Qualcomm සමාගම[https://en.wikipedia.org/wiki/Qualcomm] අතර Patent බළපත්‍ර වෙනුවෙන් පවරා තිබූනඩු වෙනුවෙන් එකඟතාවයකා පැමිණි බව Apple සමාගම විසින් ඔවුන්ගේ නිළ Newsroom වෙබ්අඩවිය හරහා ප්‍රකාශයක්[https://www.apple.com/newsroom/2019/04/qualcomm…

කොහොම වුණත් Apple සමාගමට විරුද්ධව තිබුණු එකම නඩුව මෙය පමණක් නොවන අතර, මේ වන විට VirnetX නම් වූ සමාගමක් විසින් Apple සමාගමට විරුද්ධව පවරා තිබුණු නඩුවකට ලැබුණු තීන්දුවක් අනුව, ඩොළර් මිනියන 502.8ක මුදලක් එම සමාගමට ගෙවීමට Apple සමාගමට සිදුව තිබෙන බව වාර්තා වෙනවා.

මෙම නඩුවට පාදක වී තිබුණේ Apple සමාගම විසින් ඔවුන්ගේ iOS එකේ VPN on Demand සහ FaceTime යන පහසුකම් සඳහා භාවිතා කර තිබුණු තාක්ෂණයන් ද්විත්වයක් මේ VirnetX සමාගම විසින් ඊට පෙර patent බලපත්‍ර ලබාගත් ඒවා වීමත්, එම සමාගමට දැනුම්දීමක් නොකර, එමෙන්ම ඊට අදාල මුදල එම සමාගමට නොගෙවා එම තාක්ෂණයන් තම නිෂ්පාදන සඳහා භාවිතා කිරීමත් ය.

මෙම නඩුව වසර 10කට අධික කාලයක් තිස්සේ තීන්දුවකින් තොරව මේ දක්වා පැමිණ ඇති නමුත් මේ වන විට ඊට අදාල අවසන් තීන්දුව ලබාදීමට මෙම ජූරි සභාව විසින් කටයුතු කර තිබෙනවා.

VirnetX ආයතනය විසින් පවසා සිටියේ මෙම පහසුකම ඇතුලත් ඒකක ගණන වෙනුවෙන් royalty මුදල ගණනය කළ විට මිලියන 700ක පමණ මුදලක් Apple සමාගම විසින් ගෙවිය යුතු වන බව වන නමුත්, Apple සමාගම ප්‍රකාශ කර සිටියේ එක් ඒකකයකට ඩොළර් ශත 19 බැගින් එම මුදල ඩොළර් මිලියන 113ක පමණ ප්‍රමාණයක් වන බවයි.

කොහොම නමුත් ජූරි සභාව විසින් මෙම මුදල එක් ඒකකටකට ඩොළර් ශත 84 බැගින් ලබාදෙන ලෙස අවසන් තීන්දුව ලබාදී තිබෙනවා.

VernetX සමාගම මීට පෙර අවස්ථාවකදී, එනම් 2010 වර්ෂයේදී Microsoft සමාගමට විරුද්ධව මේ ආකාරයේම නඩුවක් පවරා ඩොළර් මිලියන 200ක වන්දි මුදලක් ලබාගැනීමට ද කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.