සාමන්‍ය‍යෙන් ඇපල් WWD සමුළුව (Apple Worldwide Developers Conference එක) ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ, San Jose හි McEnery සම්මේලන මධ්‍යස්ථානයේ දී පවත්වන නමුත් පසුගිය දින වල එම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයන් හඳුනා ගැනීම බහුල බැවින් සම්මේලනය Online ලෙස පැවැත්වීමට තීරණය කර ඇති බව අපි මීට පෙර ඔබව දැනුවත් කළා මතක ඇති.

WWDC 2020 event එක online event එකක් ලෙස පමණක් පැවැත්වීමට Apple සමාගම තීරණය කරයි
Google සමාගමේ වසරේ දැවැන්තම event එක වූ Google I/O event එක අවලංගු කිරීමට තීරණයකළ බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති. Google සමාගමේ වසරේ දැවැන්තම event එක වූ Google I/O event එක අවලංගු කිරීමට තීරණයකරයිGoogle සමාගමේ විශාලතම තාක්ෂණික event එක වන Google I/O event එක MountainViewවල Shoreline Am…

මේ event එක මීළඟ ජුනි මස 22 වැනි දින සිය පැවැත්වීමට Apple සමාගම තීරණය කර ඇති අතර සියළුම Apple developer වරුන් හට, Apple සමාගමේ Developer වෙබ් අඩවිය හෝ Developer app එක හරහා මේ සඳහා නොමිලයේ සහභාගී වීමේ හැකියාව පවතිනවා.

මේ අනුව ලොව පුරා සිටින අලුත් හා නිර්මාණාත්මක Developer වරුන් හට iOS, iPadOS, macOS, tvOS, සහ watchOS වල අනාගතය ගැන පලමුව දැනගැනීමට WWDC20 උපකාර වෙන බව ඇපල් සමාගම පෙන්වා දෙනවා.

Apple Developer App

ඇපල් සමාගම විසින් Apple Developer App එක download කිරීමට Developers ලාව යොමු කරන අතර WWDC20 හි (Keynote, Platforms, sessions සහ lab schedules වැනි) අතිරේක වැඩසහටහන් තොරතුරු සහ තවත් දේ ජුනි මාසයේදී මෙයට එකතු කිරීමට නියමිත බව Apple සමාගම ප්‍රකාශ කර අතර මේ පිළිබඳ තොරතුරු ඇපල් වෙබ් අඩවිය තුලින්ද, ඊ මේල් හරහා ද ඉදිරියේදී ලැබෙනු ඇත.

‎Apple Developer
Welcome to Apple Developer: the primary destination for Apple developers and designers. Apple Developer is your source for developer news and educational content, so you can stay up to date on the latest technical and community information. • Browse news, developer stories, and informative videos.…
Apple Developer app එකේ නිළ App Store page එක
Swift Student Challenge

මෙවර event එක හරහා ළමා (ශිෂ්‍ය) Developers වරුන් හට තමන්ගේ programming දැනුම නිර්මාණාත්මකව ප්‍රදර්ශනය කිරීම සඳහා Swift Student Challenge නම් වූ අලුත් option එකක් එකතු කිරීමට Apple සමාගම සැළසුම් කර ඇති අතර මේ හරහා තමන්ගේ ම Swift Playground එකක් සාදාගෙන Swift Student Challenge එකට එකතු වීමේ හැකියාවද ලැබේ.

WWDC20 Swift Student Challenge
Showcase your love of coding by submitting your Swift Playground to the Swift Student Challenge by May 17.
‍Swift Student Challenge එකට apple කිරීම සඳහා මෙම පිටුව භාවිතා කළ හැක

Swift Playground යනු iPad සහ Mac සඳහා හඳුන්වාදෙනු ලැබූ නවතම app එකක් වන අතර එය Swift භාෂාව ඉගෙනීම පහසු මෙන්ම විනෝදජනක කරයි.

මැයි මාසයේ 17 වන දින දක්වා ලොව පුරා ළමා Developer වරුන් හට මේ Swift Student Challenge එකට ඉදිරිපත් විය හැකි අතර මිනිත්තු තුනක Swift Playground දර්ශනයක් නිර්මාණය කර මේ සඳහා ඉදිරිපත් වීමේ හැකියාව තිබෙනවා.

ජයග්‍රාහකයන්ට සුවිශේෂී WWDC20 ජැකට් සහ පින් කට්ටලයක් ලැබෙන අතර ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම්, වැඩි විස්තර සඳහා මේ වෙනුවෙන් වෙන් කර ඇති නිළ developer page එක භාවිතා කළ හැක.

වැඩි විස්තර (Leaks)

9to5Mac සහ MacRumors විසින් කලින් නිකුත් වුනු iOS 14 හි විස්තර අනුව WWDC 2020 දී ප්‍රකාශයට පත් කළ හැකි software පිළිබඳ ඉඟි කිහිපයක්ද මේ වන විට පළවී තිබෙනවා.

"PencilKit API" නම් වූ අත් අකුරු text බවට පත් කරනු ලබන පහසුකමක්, අලුත් Fitness app එකක්, Sleep Tracking ආදී watchOs 7 සඳහා වන නව විශේෂාංග, iMessage විශේෂාංග හා වැඩිදියුණු කල Cursor පහසුකම් ද මේ අතර වෙයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple Newsroom වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.