Fortnite පළමුවරට Android වෙත නිකුත් වී දැනට මාස 18ක් පමණ ගතවී ඇති නමුත් මේ දක්වා එය Google Play store වෙතට එකතු කිරීමට නම් ඔවුන් කටයුතු කර තිබුණේ නැහැ.

මින් පෙර එය download කර ගැනීමට හැකියාව තිබුනේ Epic Games Store එක හරහා වන අතර මෙලෙස Google Play Store එකට Fortnite ක්‍රීඩාව ඇතුලත් නොකිරීමට ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් පෙන්වා දුන්නේ Game එක හරහා ලැබෙන සම්පූර්ණ ආදායමෙන් 30% ක ප්‍රමාණයක් Google සමාගම විසින් අය කරගැනීමට කටයුතු කරනු ලබන නිසාවෙනි.

Game එක develop කිරීමට, පවත්වාගෙන යාමට සහ support ලබාදීම වෙනුවෙන් game නිෂ්පාදකයා හට ආදායමෙන් 70%ක් පමණක් ලැබෙන විට payment process කිරීම සහ download bandwidth එක වැනි සේවාවන් පමණක් ලබාදෙමින් සම්පූර්ණ ආදායමෙන් 30%ක් අය කරගැනීම පිළිබඳව ඔවුන් ප්‍රසිද්ධියේ Google සමාගමට දොස් පවරනු ලැබුවා.

කොහොම නමුත් මේ වන විට එය Google Play Store වෙත ද නිකුත් කිරීමට Epic Games ආයතනය කටයුතු කර ඇති අතර Google Play Store එකට පිටතින් download කරගන්නා applications, Google Play Protect මගින් අවහිර කිරීමකට ලක් කීරීම නිසාවෙන් මෙම තීරණය ගැනීමට ඔවුන් හට සිදු වූ බව ප්‍රකාශ කරනවා.

Fortnite - Apps on Google Play
Fortnite has come to Google Play! Squad up and compete to be the last one standing in Battle Royale, or use your imagination to build your dream Fortnite in Creative. On mobile, Fortnite is the same game you know from PlayStation 4, Xbox One, PC, Mac, Switch. Same map, same gameplay, same weekly u…
Download Fortnite on Google Play

එම නිසා ඔවුන් Epic Games Store එකට අමතරව Google Play Store හරහාද Fortnite ක්‍රීඩාව ලබාදීමට කටයුතු කර ඇති අතර දැන් ඔබට Fortnite Google Play Store හරහා නොමිලේ download කරගැනීමට හැකියාව පවතී.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.