Facebook සමාගමට අයත් Instagram සේවාව හරහා පරිශීලකයින්ගේ biometric දත්ත නීතිවිරෝධී ලෙස එකතු කරනු ලබන බවට මේ වන විට චෝදනා එල්ල වී තිබෙන බව වාර්ථා වෙනවා.

Bloomberg වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඇමෙරිකාවේ Illinois ප්‍රාන්තයේ පදිංචි Kelly Whalen විසින් Facebook සමාගමට එරෙහිව මෙලෙස නඩු පවරා ඇති අතර මෙම නව චෝදනාව එල්ල වී ඇත්තේ මොවුන් විසින් මිලියන 100 කට අධික Instagram පරිශීලකයන්ගේ biometrics දත්ත ඔවුන්ගේ අනුදැනුමකින් හෝ කැමැත්තකින් තොරව එකතු කිරීම, ගබඩා කිරීම සහ එයින් ලාභ ලැබීම පිළිබඳවයි.

Facebook සමාගමේ ප්‍රකාශිකාවක් වන Stephanie Otway විසින් email පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ, මෙය පදනම් විරහිත චෝදනාවක් බවත් Instagram හරහා මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතා නොකරන බවත් ය.

Instagram සේවාව ඔවුන්ගේ Data Policy එක හරහා ප්‍රකාශ කරන්නේ ඔවුන් එකතු කරනු ලබන දත්ත යම්කිසි ලෙසකින් භාවිතා කරනු ලබන්නේ නම් ඒ පිළිබඳව ඊට පෙර පරිශීලකයින්ව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබන බවයි.

අපි ඔබේ Instagram අත්දැකීමට face-recognition තාක්ෂණය හඳුන්වා දෙනු ලැබුවහොත්, මුලින්ම ඔබට ඒ පිලිබදව දැන්වීමට කටයුතු කරනු ලබන අතර අප මෙම තාක්ෂණය භාවිතා කරන්නේද නැද්ද යන්න පිළිබඳව ඔබට පාලනයක් ලබාදෙනු ඇත.
- Instagram Data Policy

අනෙක් අතර Instagram හරහා ස්ව්‍යංක්‍රීයව මුහුණු හඳුනාගෙන අදාල ඡායාරූප වලට එම පුද්ගලයින් tag වීමක් සිදු නොවන අතර, වෙනත් පුද්ගලයෙකු යම්කිසි ඡායාරූපයකට tag කිරීමට අවශ්‍යය නම් එය පරිශීලකයා විසින්ම සිදු කළ යුතු බව ද වාර්ථා වෙනවා.

පවතින නීතිය යටතේ යම්කිසි සමාගමකට මෙවැනි නීති උල්ලංඝනය කිරීමකට ඩොලර් 1,000 ක් ගෙවීමට බල කළ හැකි අතර, නොසැලකිලිමත් ලෙස හෝ හිතාමතාම මෙම ක්‍රියාව සිදු කළ බව පෙනී ගියහොත් ඩොලර් 5,000 ක් දක්වා එම මුදල ඉහළ දැමීමේ හැකියාව ද පවතින බව Android Authority වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

පසුගිය මාසයේදී ද Facebook සමාගම විසින් photo-tagging tool එකක් හරහා නීති විරෝධී ලෙස පරිශීලකයන්ගේ biometrics එකතු කල බව දැක්වෙන චෝදනාවක් හේතුවෙන් ඩොලර් මිලියන 650ක මුදලක් ගෙවීමට සිදුවූ අතර දැනුවත් කිරීමකින් තොරව පාසැල් සිසුන්ගේ face templates සහ “voiceprints” නිර්මාණය කිරීම නිසාවෙන් Google සමාගම ද පසුගිය අප්‍රේල් මාසයේදී නඩු විභාගයකට මුහුණ දෙනු ලැබූවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Bloomberg වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.