පසුගිය වසර කිහිපය මුළුල්ලෙහිම Apple සමාගම විසින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු හරහා පරිසරයට සිදුවන බළපෑම අවම කිරීමට බොහෝ උත්සාහයන් ගනු ලැබූ අතර, 2018 වර්ෂයේදී පුනර්ජනනීය බළශක්තිය නිපදවීම සඳහා අරමුදලක් ආරම්භ කිරීමට ද කටයුතු කරනු ලැබුවා.

ඉන් අනතුරුව 2019 වර්ෂයේදී Apple සමාගමේ නිෂ්පාදකයින් සියල්ලම පාහේ Renewable Energy භාවිතා කිරීමට යොමු කරගනු ලැබූවා.

තම නිෂ්පාදකයින් රැසක් පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමට එකඟ කර ගැනීමට Apple සමාගම සමත් වෙයි
Apple සමාගම කියන්නේ Renewable Energy[https://en.wikipedia.org/wiki/Renewable_energy], එහෙමත් නැතිනම් පුනර්ජනනීයබලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීම වෙනුවෙන් මේ වන විටත් හොඳ නමක් දරා සිටින ආයතනයක්බව ඔබ දන්නවා ඇති. පසුගිය වසරේ ජුලි මාසයේදී Apple සමාගම විසින් මේ පුනර්ජනනීය බළශක්තිය වෙනුවෙන්අරමුදලක් ආරම්…

2018 වර්ෂයේ සිට ලොව පුරා ඇති සියළුම Apple Stores, Offices සහ Data centers 100%ක්ම මේ පුනර්ජනනීය බළශක්ති ප්‍රභවයන් වෙතට මාරු වී ඇති අතර මේ වන විට ඔවුන්ගේ සියළුම නිශ්පාදනාගාර සඳහා ද renewable energy පමණක් භාවිතා කිරීමට ‍කටයුතු කර ඇති බව Apple සමාගම ප්‍රකාශ කරනවා.

පසුගිය අප්‍රේල් මස 21 වැනි දින පැවති ලෝක මිහිකත දිනය, එහෙමත් නැතිනම් Earth Day එකට සමගාමීව Apple සමාගම විසින් මීළඟ දශකය සඳහා වන ඔවුන්ගේ පරිසර දැක්ම පිළිබඳව නිවේදනය කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ අනුව 2030 වර්ෂය වන විට ලොව පුරා ඇති සියළුම Apple devices carbon neutral තත්ත්වයට පත් කිරීමට Apple සමාගම කටයුතු කරනු ලබන බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

මෙම දැක්මට අනුව සියළුම iPhone, iPad, Apple Watch, iMac devices සියල්ලම 100%ක්ම ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍යය වලින් නිෂ්පාදනය කිරීමට මෙන්ම Apple Daisy වැනි රොබෝවරුන් මාර්ගයෙන් පැරණි Apple devices වලින් නැවතත් අමුද්‍ර්‍රවය්‍යය වෙන් කරගැනීමටත් කටයුතු කරනු ලබනවා.

මීට අමතරව සියළුම Apple Products ආවරණය කිරීමේදී භාවිතා කෙරෙන packaging material වලට අවශ්‍යය කඩදාසි සහ කාඩ්බෝඩ් වලට අවශ්‍යය සියළුම ගස් ඔවුන් විසින්ම වගා කිරීමටත්, කඩදාසි නැවතත් ප්‍රතිචක්‍රීකරණය කිරීමටත් කටයුතු කරනු ලැබෙනවා.

මෙයින් නොනැවතී Apple products නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය අතරතුරදී එම කටයුත්ත සඳහා දායක වන සිය ගණනක් වන අමුද්‍රව්‍යය නිෂ්පාදනය කරන්නන්, කොටස් එකලස් කරන්නන්, device නිෂ්පාදකයින් සහ test කරන්නන් යන සියළුමදෙනා 100%ක් ම පුනර්ජනනීය බලශක්ති භාවිතා කිරීම සඳහා යොමු කෙරෙනු ලැබෙනවා.

මේ වන විට iPhone, iPad, Mac, Apple Watch, AirPods, HomePod, Apple TV, සහ Beats devices එකලස් කරනු ලබන නිෂ්පාදනාගාර වලට zero-waste certification එක ලබාගැනීමට Apple සමාගම කටයුතු කර ඇති අතර, මේ අනුව මෙම නිෂ්පාදනාගාර වලින් නිෂ්පාදන ක්‍රියාවලියේ අතුරුඵලයක් ලෙස කිසිඳු අපද්‍රව්‍යයක් පරිසරයට මුදාහැරීමට කටයුතු කරන්නේ නැහැ.

මීළඟ විශාලතම මෙන්ම අපහසුම කාර්යය වන්නේ ලොව පුරා ඇති සියළුම Apple devices වලින් භාවිතා කෙරෙනු ලැබෙන බළශක්ති ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් Apple සමාගම විසින් පුනර්ජනනීය බළශක්ති ප්‍රභවයන් හරහා ලබාදීමට කටයුතු කිරීමයි.

මේ අනුව න්‍යායාත්මකව ගත් කල, 2030 වර්ෂය වන විට ලොව භාවිතා වන සියළුම Apple devices බළගැන්වීම සඳහා renewable energy භාවිතා කරනු ඇත.

මේ වන විටත් පිලිපීනය, තායිලන්තය, දකුණු අප්‍රිකාව වැනි රටවල් වල Solar ව්‍යාපෘති හරහා ‍බළශක්තිය එම රටවල විදුලිබල පද්ධති වලට ලබාදෙනු ලබන අතර, මෙම වසරේදී ලොව විශාලතම වෙරලාශ්‍රිත wind turbines ව්‍යාපෘතිය ඩෙන්මාර්කයේ ආරම්භ කිරීමට ද Apple සමාගම කටයුතු කර තිබෙනවා.

දැනටමත් Siri, iMessage, සහ iCloud යන සේවාවන් සඳහා යොදාගනු ලබන Data Centers සියල්ලම මෙවැනි renewable energy හරහා බළගැන්වෙන බව Apple සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.