දැනට බහුල වශයෙන් බාවිතා කරන ඛණිජ තෙල් මූලික කරගත් බලශක්ති නිපදවීම් ක්‍රියාවලියේදී සිදුවන පරිසර හානිය මෙන්ම එහි ඇති සීමා සහිත බව නිසා මේ වෙනකොට ලෝකය තුල renewable energy sources එහෙමත් නැතිනම් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කියන්නේ ඉතාමත් වැදගත් දෙයක් වෙලා තියනවා.

මේ අතර චීනය තුල පිරිසිදු, එහෙමත් නැතිනම් පරිසර හිතකාමී මෙන්ම පුනර්ජනනීය ශක්තිය නිපදවීම වෙනුවෙන් වෙන් වුණු "The China Clean Energy Fund" නමු වූ අරමුදලක් පිහිටුවීමට Apple සමාගම සූදානම් වෙලා තියනවා.

Apple_clean_energy_fund_Compal-Solar

මේ සඳහා සැපයුම්කරුවන් 10 දෙනෙක් සමඟ එකතුව කටයුතු කිරීමට Apple සමාගම සූදානම් වන අතර මීළඟ අවුරුදු 4 පුරාවට මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා දල වශයෙන් මූලිකව ගිගාවොට් 1 ක ශක්තියක් උත්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර මේ මගින් නිවාස මිලියනයකට පමණ බලය සැපයිය හැකි බව Apple සමාගම වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Apple_launches_clean_energy_fund_in_China

මෙම අරමුදල කළමනාකරණය කිරීම DWS Group නම් වූ සමාගමක් වෙතට පවරා ඇති අතර Apple සමාගම සහ ඔවුන්ගේ සැපයුම් කරුවන් විසින් 2020 වර්ශය වන විට ගිගාවොට් 4ක් පිරිසිදු බලශක්තිය නිපදවීමට බළාපොරොත්තු වෙනවා.

එමෙන්ම Apple සමාගම පසුගිය වසර කිහිපය තුලදීම මෙම green energy ව්‍යාපෘති වෙනුවෙන් තම මුදල් යෙදවීමට කටයුතු කර ඇති අතර 2015 වර්ශයේදී "Supplier Clean Energy Program" නම් වූ ව්‍යාපෘතිය යටතේ ඔවුන්ගේ 23ක් වූ නිෂ්පාදන හවුල්කරුවන් සියළුම දෙනා පූර්ණ වශයෙන් පුනර්ජනනීය බලශක්තිය බාවිතා කිරීම සඳහා යොමු කර තිබ‍ෙනවා.

මීට අමතරව ලොව පුරා විහිදී ඇති Apple සමාගම සතු සියළුම ස්ථානයන් උදෙසා මෙම green energy බාවිතා කිරීමට ඔවන් කටයුතු කරන බව මෙම වසරේ මුල් භාගයේදී Apple සමාගම නිවේදනය කළා.