Daisy යනු apple සමාගම විසින් පසුගිය වර්ෂයේ නිපදවූ අඩි 33ක දිගින් සහ කොටස් 5කින් යුත් විශාල රොබෝ කෙනෙකි.

මෙය 2016 වසරේ ඇපල් සමාගම විසින් හදුන්වා දුන් Liam නැමති රොබෝගේ නවීකරණයක් ලෙසද සදහන් කිරීමට පුළුවන්. (Liam නිපදවා තිබූයේ iPhone 6 dissemble කිරීම සඳහා පමණි)

මෙය ලෝක මිහිතල දිනය (Earth Day) පදනම් කරගෙන නිපදවා ඇති අතර, ඇමරිකාවේ texas ප්‍රාන්තයේ downtown ප්‍රදේශයේ වර්ග අඩි 9,000ක පමණ ප්‍රමාණයකින් යුත් බිම් කොටසක Apple සමාගම විසින් පවත්වාගෙන යන පර්යේශණාගාරයක මෙය ස්ථාපනය කර තිබෙනවා.

Apple iPhone ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ නැවත භාවිතය සදහා ගත හැකි අමුද්‍රව්‍යය වෙන් කර ලබාගැනීම සදහා apple සමාගම මෙම පර්යේශණාගාරය වෙන් කර තිබෙනවා.

Daisy සතු සුවිශේශී හැකියාව ලෙස iPhone වර්ග 15ක්, එනම් iPhone 5 සිට iPhone XS යන නවීනතම model එක දක්වා විසං‍යෝජනය (deconstruct) කිරීමේ හැකියාව තිබෙන අතර පැයක කාලයකදී iPhone 200ක් සම්පූර්ණයෙන්ම කෑලි වලට වෙන් කිරීමේ වේගයක් Daisy සතුව තිබෙනවා.

Screen, battery, ඇණ, sensors, මව්පුවරුව වගේම wireless charging කොයිල් එක iPhone එකෙන් ගලවා, එහි ඇති ඇලුමීනියම් shell කොටස පමණක් වෙන් කර ගැනීමේ හැකියාව Daisy සතුව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ වාර්තා (United Nations Report) වල සදහන් වන ආකාරයට 2016 වර්ෂයේ ලෝකයේ නිපදවී ඇති විද්‍යුත් අපද්‍රවය ප්‍රමාණය, මෙට්‍රික් ටොන් මිලියණ 44.7කි.

මෙම ප්‍රමාණය දළ වශයෙන් ගතහොත් ලිබර්ටි ප්‍රතිමා මිලියණ 2.1ක් නිපදවීමට තරම් වන ප්‍රමාණයක් වන අතර ඒ සියල්ලෙන් 20%ක්, එනම් මෙට්‍රික් ටොන් මිලියන 8.9ක ප්‍රමාණයක් පමණක් එම වසරේ ප්‍රතිචක්‍රීකරණය සදහා යොදවා තිබෙනවා.

මේ ආකාරයෙන් ඇපල් ආයතනය ගිය වර්ෂයේ iPhone මිලියන 218කට අධික ප්‍රමාණයක් අලෙවි කර ඇති අතර ඉන් මිලියන 9කට ආසන්න ප්‍රමාණයක් නැවත ඇපල් ආයතනය වෙත ලැබී තිබෙනවා.

Daisy හරහා වසරකට iPhone මිලියන 1.2ක් විසං‍යෝජනය කිරීමේ හැකියාව පවතින බැවින් දැඩි ලෙස අලාබ හානි සිදු වී ඇත්නම් ඒවා Daisy වෙතත්, එසේ නොවන මිලියන 7.8ක් පමණ ඒවා නැවත සකස් කිරීමට (Refurbish process) භාජනය කර (Refurbished iPhones ලෙස) නැවත පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ලැබේ.

මේ ආකාරයෙන් 100%ක් ප්‍රතිචක්‍රීකරණය කරන ලද Tin ලෝහය යොදාගෙන ඇපල් ආයතනය ඔවුන්ගේ නිශ්පාදන 11ක මව්පුවරු සෑදීම සදහා කටයුතු කරනු ලබන අතර ගිය වසරේ එළිදැක්වූ MacBook Air වල housing එක සදහා ද භාවිතා කර ඇත්තේ මේ ආකාරයෙන් 100% ක් ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබූ ඇලුමීනියම් ලෝහයයි.

මේ ආකාරයෙන් iPhone battery නිපදවීම සදහා අවශ්‍ය, තරමක් මිලෙන් අදික cobalt ලෝහයද සාර්තකව වෙන් කර ගැනීමේ හැකියාව ලැබී තිබෙන බව වාර්ථා වෙන අතර ඇපල් සමාගම පවසන්නේ, මෙම පර්යේශණාගාරය iPad, Mac, MacBook මෙන්ම AirPods ප්‍රතිචක්‍රීකරණය සදහා ද යොදාගැනෙනු ඇති බවයි.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Apple Newsroom එක, CNET වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.