Apple Silicon, එහෙමත් නැතිනම් Apple සමාගම විසින්ම නිර්මාණය කරනු ලැබූ ඔවුන්ගේම chipset එක ගැන මේ වන විටත් TechNews.LK පාඨක ඔබව කිහිප වතාවක්ම දැනුවත් කිරීමට අපි කටයුතු කළා මතක ඇති.

Apple Silicon ‍family එකේ පළමු chipset එක වන M1 chip එක එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි
Apple සමාගම විසින් ඔවුන්ගේ One More Thing hardware event එක ඊයේ දිනයේ පැවැත්වීමටනියමිත වන බව අපි ඔබව මීට පෙර දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති. Apple සමාගම විසින් ඔවුන්ගේ “One More Thing” event එක නොවැම්බර් 10 වැනි දිනපවත්වන බව නිවේදනය කරයිApple සමාගම විසින් නොවැම්බර් මස 10 වෙනිදා ශ්‍රී ලංකාවෙලා…

පසුගිය වසරේ එළිදැක්වීමට කටයුතු කළ මෙම chipset එක තාක්ෂණික ලොව උඩුයටිකුරු කිරීමට සමත්වූ අතර, මේ වන විට මේ chipset එක මගින් බළගැන්වෙන MacBook, Mac Mini, iPad සහ iMac පරිගණක ද එළිදැක්වීමට Apple සමාගම කටයුතු කර ඇති බවත් ඔබ දන්නවා ඇති.

Apple M1 chip එකක්, 4.5K Retina display එකක් සහ වර්ණ ගණනාවක් සමඟින් අලුත් iMac මාදිලියක් එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරයි
ඊයේ දිනයේ පැවැති Apple Spring Loaded event එක[/apple-confirms-spring-loaded-event-will-be-held-on-april-20/] අතරතුරදීහඳුන්වාදුන් අලුත්ම iPad Pro මාදිලිය ගැන මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළාමතක ඇති. මේ ලිපිය හරහා එම event එක අතරතුරදීම එළිදැක්වීමට කටයුතු කළ අලුත්ම iMacමාදිලිය පිළිබඳව තොරතුරු …

ඔන්න දැන් Apple සමාගම විසින් මෙම chipset එකේ next generation එක, එහෙමත් නැතිනම් Apple M2 chipset එක මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වෙන අතර, මෙම වසරේ ජූලි මාසයෙන් පසුව නිකුත් වන MacBook පරිගණක සමඟින් එය නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බවත් Nikkei Asia වෙබ් අඩවිය වාර්තා කරනවා.

මෙම chipset එකත් TSMC ආයතනය විසින් නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන අතර,  එය TSMC සමාගම විසින් වැඩිදියුණු කරන ලද අලුත්ම 5-nanometer plus (N5P) තාක්ෂණය යටතේ නිෂ්පාදනය කිරීමට නියමිත වෙනවා.

2020 වර්ෂයේදී Apple සමාගම ප්‍රකාශ කර සිටියේ වසර දෙකක කාලසීමාවක් ඇතුලතදී ඔවුන්ගේ පරිගණක වලින් Intel chipset ඉවත් කර ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම Apple Silicon chips භාවිතා කිරීමට කටයුතු කරනු ලබන බව වන අතර, මේ අනුව 2022 වර්ෂය වන විට Apple සමාගම විසින් ඔවුන්ගේ devices සඳහා Intel chips භාවිතා කිරීම නතර කරනු ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Mac Rumorsවෙබ් අඩවිය සහ Engadgetවෙබ් අඩවිය භාවිතා කළ හැක.