2019 මැයි මස සිට Huawei ව්‍යාපාරය ජාලයට ඇමරිකාව විසින් වෙළෙඳ තහනමක් පැනවීමත් සමග ඊට පසු නිකුත් කරන ලද Huawei ජංගම දුරකථන වලට Google mobile services (GMS) අහිමි වූ බව ඔබ දැනටමත් දන්නා කාරණයක් වෙනවා.

නමුත් එක්සත් ජනපද සමාගම් සමඟ වැඩ කිරීමට තාවකාලික අවසරයක් Huawei සමාගමට ලැබුණු අතර ඒ නිසා 2019 මැයි මාසයට පෙර නිකුත් වූ Huawei උපාංග වලට Google සමාගම විසින් ලබාදෙන software සහ security updates ලබාදීමට හැකියාව ලැබුණා.
කොහොම නමුත් මෙම තාවකාලික අවසරය 2020 අගෝස්තු 13 වන දින සිට අවසන් වූ අතර ඒ අනුව 2019 වර්ෂයේ මැයි මාසයට පෙර නිකුත් වූ Huawei උපාංග නිර්මාණය කර තිබෙන්නේ Google Services හරහා updates බෙදාහැරීමේ ක්‍රමවේදයක් මත නිසාවෙන්, Google සමාගම විසින් සෘජුවම ලබාදෙන security updates වැනි දෑ මෙම ජංගම දුරකථන පරිශීලකයින් හට නොලැබී යනු ඇත.
නමුත් 2019 මැයි මාසයෙන් පසුව නිකුත් කරන ලද Huawei උපාංග වලට මෙම ගැටළුව බලනොපානු ඇති බව වාර්තා වන අතර ඊට හේතුව ඒවායේ Google Mobile Service වෙනුවට Huawei Mobile Service (HMS) ඇතුලත්ව තිබීම හා එම උපාංග සඳහා සදහා updates ලබා දීම සෘජුවම සිදු කරන්නේ Huawei සමාගම විසින් වීමයි.
මේ ගැටළුව පැන නැගීමෙන් අනතුරුව Huawei සමාගම විසින් මීට ඔවුන්ගේ නිළ Twitter ගිණුම හරහා කෙටි පිළිතුරක් ලබාදීමට කටයුතු කර ඇති අතර දැනට පවතින devices වලට කිසිඳු බළපෑමක් නොවනු ඇති බවත්, software සහ security updates ඉදිරියටත් ලබාදීමට කටයුතු කරනු ලබන බවත් ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.
Hi there, thank you for your message. There is no impact on existing devices. We will continue to share security and software updates to our devices, as we always have. If you have any questions, please let us know via DM.
— Huawei Mobile (@HuaweiMobile) August 17, 2020
එමෙන්ම chipset සම්බන්ධ ගැටලුව MediaTek සමාගම සමඟ එක්ව විසඳාගැනීමට Huawei සමාගමට කටයුතු කරනු ඇති අතර Huawei සමාගම විසින් ඔවුන්ගේ Harmony OS ඔස්සේ, ජංගම දුරකතන ඇතුළු සියලුම අනාගත Huawei උපාංග බලගැන්වීමට බළාපොරොත්තුවෙන් සිටින බවද වාර්ථා වෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizchina වෙබ් අඩවිය, Washington Post වෙබ් අඩවිය සහ SlashGear වෙබ් අඩවිය භාවිතා කළ හැක.