Amazon සමාගම විසින් පසුගිය වසරේදී Luna නමින් ඔවුන්ගේම game streaming සේවාවක් හඳුන්වාදීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

Amazon සමාගම විසින් Luna නමින් නව cloud gaming සේවාවක් හඳුන්වාදීමට කටයුතු කරයි
Amazon සමාගම විසින් Cloud Gaming සේවාවක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව අපි ඔබවමීට පෙර ලිපියකින් දැනුවත් කලා ඔබට මතක ඇති. Amazon සමාගම විසින් Cloud Gaming Service එකක් ආරම්භ කරන ලකුණුCloud GamingService එකක් වන Google සමාගමේ Project Streamගැන[/googles-project-stream-lets-you-play-high-end-games…

කෙසේ නමුත්, මෙම සේවාව සඳහා මෙතෙක් භාවිතා කල හැකි වූයේ early access request කරනු ලැබූ සීමිත පරිශීලකයින් පිරිසකට පමණක් වූ අතර ජුනි 21 සහ 22 යන දිනවල එය වෙනස්වීමට නියමිතව තිබෙන බව මේ වනවිට වාර්තා වෙනවා.

ඒ Amazon සමාගම සිය Prime Day event එක ජුනි 21 සහ 22 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබෙන බැවින් එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා, සියලුම Amazon Prime members ලා හට invite එකක් නොමැතිව වුවද Luna cloud gaming සේවාවවට access ලබාදීමට Amazon සමාගම තීරණය කර තිබෙනවා. එමෙන්ම දින 7 ක කාලයක් සඳහා Luna+ free trial එකක් ලබාගැනීමටද හැකියාව හිමිවෙනවා.

දින 7 ක free trial period එකෙන් පසුව, සේවාව දිගටම භාවිතා කිරීමට පරිශීලකයින් හට මසකට ඩොලර් 5.99 ක මුදලක් ගෙවීමට සිදුවන අතර Luna game streaming සේවාව සඳහා තවමත් හැකියාව ලබාදී ඇත්තේ එක්සත් ජනපදයේ පරිශීලකයන්ට සඳහා පමණි.

මීට අමතරව Amazon සමාගම විසින් හඳුන්වාදෙන Luna controller එක 30% පමණ මිළ අඩු කිරීමක් ද සිදු කරනු ඇති අතර, මෙහි ප්‍රධාන වාසිය වන්නේ මෙම controller එක Bluetooth හරහා අදාල device එකට සම්බන්ධ වී, ඒ හරහා cloud servers සමඟ සම්බන්ධ වීම වෙනුවට, සෘජුවම cloud එකට සම්බන්ධ වීමයි.

මේ හරහා latancy එක අඩු කරගනිමින් ඉතාමත් හොඳ gaming අත්දැකීමක් ලබාදීමට හැකියාව ලැබෙන බව Amazon සමාගම පෙන්වා දෙනවා.

මේ හරහා Control, GRID, Ghost Runner, සහ Metro Exodus වැනි games play කිරීමේ හැකියාව ඇති අතර, Assassin’s Creed Valhalla සහ Watchdog Legion වැනි games play කිරීමට අවශ්‍යය නම්, Ubisoft+ channel එක ද subscribe කළ යුතු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.