පසුගිය සති කිහිපය පුරාම තාක්ෂණික ලෝකයේ කතාබහට ලක්වූ ලක් වූ ප්‍රධානම මාතෘකාව වූයේ Microsoft සමාගම විසින් නිකුත් කිරීමට සූදානම් වන්නේ යැයි සැලකෙන Windows OS එකේ Next version එක වෙන Windows 11 යැයි සැලකෙන OS build එක පිළිබඳවයි.

ඔබත් ඇතැම් විට දැනටමත් මෙම version එක ඔබේ පරිගණකයට install කරගෙන පරීක්ෂා කර බලන්නට ඇති.

Windows 11 සංස්කරණයේ විස්තර සහ ඡායාරූප අන්තර්ජාලයට එකතු වෙයි; 2025 දී Windows 10 අතහැරදැමීමට Microsoft සමාගම තීරණය කරයි
Microsoft සමාගම විසින් Windows වල මීළඟ සංස්කරණය ජුනි 24 වැනි දින එළිදැක්වීමටසූදානම් වන බව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා මතක ඇති. ජුනි 24 වැනි දින Windows වල මීළඟ සංස්කරණය එළිදැක්වීමට Microsoft සමාගම සූදානම්වෙයිMicrosoft සමාගම විසින් “next generation of Windows” යනුවෙන් සංකේතවත් කරනWindow…

ඒ වගේ ඇතැමුන් තවමත් මෙම Windows 11 යැයි හැඳින්වෙන build එක ගැන සැකයෙන් පසු වෙන අතර ඊට හේතුව නම් ඇත්තටම මෙම build එක Microsoft සමාගමෙන් leak වූ එකක්ද, මෙය install කිරීමෙන් පරිගණකයට හානි විය හැකි malware ආදිය පැමිණීම ඉඩක් තිබේද ආදී ගැටළු නිසාවෙනුයි.

කොහොම වුණත් නවතම තොරතුරු අනුව Microsoft සමාගම විසින් Windows 11 යැයි සැළකෙන මෙම build එක leak කල ඉන්දියානු වෙබ් අඩවියට එරෙහිව නිත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙන අතර ඒ නිසාම, මෙය Microsoft සමාගමේ official build එකක් යැයි සැලකිය හැකියි.

මේ අතර Beebom නමින් හැඳින්වෙන්නේ මෙම ඉන්දියානු වෙබ් අඩවියෙන් leak වූ build එකට අදාල web link එක ඉවත් කරන ලෙස මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Google සමාගමෙන් ඉල්ලා තිබෙන බවද බව ද වාර්තා වෙන අතර ඊට හේතු ලෙස දක්වා තිබෙන්නේ "එය තව්මත් නිකුත් නොකළ Wndows 11 හි කොපියක්" බව සඳහන් කරමිනුයි.

DMCA (Copyright) Complaint to Google :: Notices :: Lumen

ඒ අනුව මේ වන විට මීට අදාල web link එක beebom වෙබ් අඩවියෙන් ද ඉවත් කර තිබෙනවා.

කොහොම වුණත්, දැනට leak වූ Windows 11 යැයි සැලකෙන  build එක ඇත්තටම මයික්‍රොසොෆ්ට් සමාගමේ build එකක් යැයි සැලකිය හැකි වුවත්, එය තවමත් පරිපූර්ණ කරන ලද build එකක් නොවන බැවින් මෙන්ම, 3rd-party එකක් විසින් බෙදාහැරීමට කටයුතු කිරීම නිසාවෙන් එය install කරගැනීම තවමත් යම් අවදානමක් සහිත කටයුත්තක් බව පෙන්වාදිය හැකියි.

විශේෂයෙන්ම මෙහි original build එකක hash signature එකක් සොයාගැනීමට නොහැකි බැවින්, අදාල තුන්වන පාර්ශවය විසින් එය බෙදාහැරීමට ප්‍රථමව malware හෝ වෙනත් ආකාරයට අනතුරුදායක වැඩසටහනක් එකතු කර නැතව rebuild කරන ලද ISO image එකක් ද යන්න පවා දැනගැනීමට ක්‍රමයක් නොමැති බව මතක තබාගත යුතු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ FossBytes වෙබ් අඩවිය භාවිතා කළ හැක.