Amazon සමාගම විසින් Cloud Gaming සේවාවක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව අපි ඔබව මීට පෙර ලිපියකින් දැනුවත් කලා ඔබට මතක ඇති.

Amazon සමාගම විසින් Cloud Gaming Service එකක් ආරම්භ කරන ලකුණු
Cloud Gaming Service එකක් වන Google සමාගමේ Project Stream ගැන[/googles-project-stream-lets-you-play-high-end-games-in-google-chrome/] පසුගියවසරේ ඔක්තෝම්බර් මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ඔන්න දැන් Amazon සමාගමත් [https://en.wikipedia.org/wiki/Amazon_(company)] ඔවුන්ගේම Cloud gaming service…

ඒ අනුව, Amazon සමාගම විසින් ඔවුන්ගේ Devices and Services event එකේදී Google Stadia සහ Microsoft xCloud සේවාවන් සමඟ තරඟ කිරීම සඳහා 'Luna' නමින් නව cloud gaming සේවාවක් හඳුන්වාදීමට කටයුතු කරනු ලැබුවා.

මෙම සේවාව PC, Mac, Fire TV සහ විශේෂිත web app එකක් හරහා iPhone/iPad සඳහා ද ලබාගැනීමට හැකියාව තිබෙන අතර සේවාව නිකුත් කිරීමෙන් පසුව මෙහි Android version එකක් ද පැමිණෙනු ඇති බවට වාර්තා වෙනවා.

මෙම cloud gaming සේවාව ආරම්භ කරන විට, එය Control, GRID, Abzu, Panzer Dragon, Sonic Mania, Metro Exodus, Overcooked 2, Rime ඇතුළු games 100 කට අධික ප්‍රමාණයක් සමඟ පැමිණෙන බව වාර්තා වෙනවා.

එමෙන්ම Ubisoft සමාගම විසින් Luna cloud gaming සේවාවෙහි තමන්ගේම Channel එකක් ඉදිරිපත් කරනු ඇති අතර, ඒ හරහා Assassins Creed Valhalla, Fenyx Rising සහ තවත් games කිහිපයක්ම ලබාගැනීමට ද පරිශීලකයන් හට හැකියාව හිමිවනු ඇත.

කෙසේ වෙතත්, මෙම Ubisoft component සඳහා කොපමණ මුදලක් වැයවේද යන්න තවමත් පැහැදිලි නැති අතර unlimited gameplay, සියලුම games සඳහා ප්‍රවේශය සහ 1080p/60fps gameplay පහසුකම් සමඟ Luna+ සඳහා මසකට ඇමරිකානු ඩොලර් 5.99 ක හඳුන්වාදීමේ මිලක් නියම කර තිබෙනවා.

මේ වනවිට ලබා දී තිබෙන 1080p resolution එක ඉදිරියේදී 4K දක්වා වැඩි කිරීමට සූදානමින් සිටින බවද Amazon සමාගම සඳහන් කරනු ලබනවා.

Google සමාගමේ Stadia Cloud Gaming සේවාව මෙන්ම, Amazon Luna Cloud Gaming සේවාවත් ඔවුන්ගේම controller එකක් ලබා දෙන අතර එම controller එක Bluetooth හෝ local connection එකෙහි සිදුවිය හැකි ප්‍රමාදය මඟ හැර කෙලින්ම Amazon servers වෙත සම්බන්ධ වෙනවා.

Luna Controller (Image: Amazon)

මෙසේ සෘජුවම Amazon servers වෙත සම්බන්ධ වීම මගින්, latency එක 17-30 milliseconds දක්වා අඩු කරගැනීමට Amazon සමාගමට හැකියාව ලැබී තිබෙන අතර, මේ controller එකට නැවත සම්බන්ධ කිරීමකින් තොරව devices අතර මාරු වීමට ද හැකියාව ලැබෙනවා.

එමෙන්ම, Luna Controller එක සඳහා Alexa හරහා Voice Commanding පහසුකම අන්තර්ගත කර තිබෙන අතර මෙහි මිල Early Access වැඩසටහන අතරතුරදී ඇමරිකානු ඩොලර් 49.99 ක් වන බවට ප්‍රකාශ කරනු ලැබුවා.

Amazon Luna සේවාව Twitch සමඟ ඒකාබද්ධ වන බැවින් Streamers ලා හට ඔවුන්ගේ games Twitch වෙත පහසුවෙන් stream කිරීමට හැකියාව ලැබෙනවා මෙන්ම ප්‍රේක්ෂකයන්ට click කිරීමකින් games වලට සම්බන්ධවීමට ද හැකියාව ලැබෙනවා.

දැනට මෙහි Early Access පමණක් ලබා දි ඇති අතර ඉක්මනින්ම මෙය නිළ වශයෙන් නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Amazon වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.