Stories පහසුකම කියන්නේ මේ වන විට Facebook, Instagram වැනි බොහෝ ජනප්‍රිය Social Network වල දකින්න ලැබෙන හුරු පුරු‍‍‍‍දු අංගයක් බවට පත්ව හමාරයි.

ඉතින් ඔන්න දැන් මේ Stories පහසුකම YouTube වලටත් ලබාදීමට Google සමාගම කටයුතු කරන බවක් පෙනී යනවා.

මේ පහසුකම පිලිබදව මුල්ම ඉඟිය පළ වූයේ පසුගිය 2017 වර්ෂයේ නොවැම්බර් මාසයේදී පමණ වන අතර මොවුන් මෙහිදී කියා සිටියේ මේ පහසුකම හරහා Content Creators ලා හට තමන්ගේ community එක සමග නිරන්තරයෙන් සබඳතා පවත්වා ගැනීමටත් channel එකෙහි behind-the-scenes වැනි දෑ ඇතුළත් කිරීමටත් හැකියාව ලැබෙනු ඇති බවයි.

ඒ වගේම මේ වසර මුලදි channel කිහිපයකම මෙම පහසුකම අත්හදා බැලීමටත් YouTube සමාගම කටයුතු කළ අතර මේ වන විට subscribers ලා ප්‍රමාණය 10,000 වැඩි YouTube Channel හිමිකරුවන් හට Stories එකතු කිරීමේ පහසුකම ලබා දීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ වන විට පවතින සමාජ ජාල සේවා වලින් ජනප්‍රියම Stories පහසුකම වන Instagram Stories සමග සංසන්දනයේදී YouTube Stories වෙනස්කම් කිහිපයකින් සමන්විත වෙනවා.

මේ ආකාරයෙන් තමන්ගේ YouTube චැනලයට එකතු කරන Stories දින 7ක් දක්වා වලංගු වන අතර මේවා අදාල චැනලය subscribers කර ඇති අයට හා එසේ නොකල අයට වුවත් "Up Next" sidebar එකට පසෙකින් දැකබලා ගැනීමට අවස්ථාව ලැබෙනවා.

ඒ වග‍ේම මෙලෙස පළවන Stories වලට එය බලන්නාට කැමතිනම් අදහස් එකතුකිරීමට මෙන්ම තම ප්‍රශ්නද Comment  එකක් ලෙස අදාල creator ට දැන්වීමේ හැකියාව පවතිනවා.

ඉතින් මේ අලුත් පහසුකම ගැන විවිධ අය විවිධ මත දරණ අතර Reddit user කෙනකෙු මේ පිළිබදව සදහන් කර තිබුනේ

"අනෙකුත් සමාජජාලයන් අනුකරණය කිරීම නවතා දමා, තමන් පෙර සිට පරිශීලකයින් හට ‍ලබා දුන්  annotation වැනි පහසුකම් ලබා දුනහොත් YouTube හැරදමා යන පිරිස අවම කරගත හැකි වේවි"

"If they stop copying other social media and keep/support all of the old features (i.e. annotation) there is still a chance they will keep users."

ඉතින් ඔබට මතක ඇති මීට කලින් YouTube හි පැවති Annotations පහසුකම ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කටයුතු කීරීම සම්බන්ධයෙන් අපි ඔබව දින කිහිපයකට කලින් දැනුවත් කළා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Tech Crunch වෙබ් අඩවිය හා මීට අදාල Reddit thread එක භාවිතා කළ හැක.