ඔයා නිතරම YouTube video නරඹන කෙනෙකු නම් අනිවාර්යයෙන්ම මේ වන විටත් මේ YouTube Annotations පහසුකම ගැන දන්නවා ඇති.

මේ annotations පහසුකම හරහා speech bubble, note, title වැනි ක්‍රම යටතේ video එකක් මතට text description එකක් එකතු කිරීමට අදාල content creator හට අවස්ථාව ලැබෙනවා.

YouTube Annotations පහසුකම

කොහොම වුණත් video නරඹන්නන් නම් මේ annotations වලට එතරම් කැමැත්තක් දැක්වූ බව පෙනෙන්නට තිබුණේ නැහැ. මේ හේතුව නිසා මේ annotations පහසුකම තම platform එකෙන් ඉවත් කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

2017 වර්ෂයේ මාර්තු මාසයේදී මේ පහසුකම YouTube වෙතින් ඉවත් කරනු ලබන බව පළමුවෙන්ම ප්‍රකාශ කළ අතර එම වසරේ මැයි මාසය වන විට annotation editor එක ඉවත් කර දැමීමට ඔවුන් කටයුතු කළා.

ඒ අනුව අලුතින් annotations එකතු කිරීමට තිබූ හැකියාව ඒ අයුරින් නැවතී ගිය අතර, දැනට පවතින annotations ද ලබන වසරේ ජනවාරි මාසය වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලබන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

YouTube End Screen පහසුකම

YouTube Cards මෙන්ම 2016 වර්ෂයේදී හඳුන්වා දුන් End Screen පහසුකම ජනප්‍රිය වීමත් සමඟින් මේ annotations පහසුකම භාවිතා කිරීමේ ප්‍රවණතාවය 70%කින් පමණ අඩු වූ බවත්, එම පහසුකම් mobile app එක මතදී වුවත් ඉතා හොඳින් වැඩ කරනු ලබන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ YouTube support page එක, Engadget වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.