පසුගිය සැප්තැම්බර් මාසයේ 12 වැනිදා පැවැත්වූ Apple event එක අතරතුරදී iPhone වල අලුත් මාදිලි වලට අමතරව කාගෙත් අවධානය දිනාගත් තවත් උපාංගයක් ලෙස Apple Watch series එකේ අලුත්ම මාදිලිය වූ Watch Series 4 එක හඳුන්වා දෙන්න පුළුවන්.

කොහොම නමුත් එම event එකේදී පෙන්වාදුන් පරිදි ECG පහසුකම නම් මේ අලුත් Apple Watch එකට ඇතුලත් කරන්නට Apple සමාගම කටයුතු කර තිබුණේ නැහැ.

මේ ECG පහසුකම පසුව software update එකක් හරහා ලබා දීමට කටයුතු කරනු ලබන බව Apple සමාගම විසින් ප්‍රකාශ කර සිටියත් තවමත් මේ පහසුකම Apple Watch පාරිභෝගිකයන් සඳහා නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කර නැහැ.

කොහොම නමුත් MacRumors වෙබ් අඩවිය වාර්ථා කරනු ලබන ආකාරයට watchOS 5.1.2 හරහා මේ පහසුකම නිකුත් කිරීමට නියමිත වන අතර iPhone එකක් හරහා මෙම පහසුකම access කිරීමට නම් iOS 12.1.1 සංස්කරණය අදාල iPhone එකෙහි තිබිය යුතු වෙනවා.

මෙම software updates ද්විත්වයම තවමත් Apple Watch පරිශීලකයන් සඳහා නිකුත් කර නොමැති වුවත්, Apple Store වල සේවය කරන සේවකයින් පුහුණු කිරීම වෙනුවෙන් නිකුත් කරන ලද document එකක් හරහා මෙම තොරතුරු තහවුරු කරගැනීමට MacRumors වෙබ් අඩවිය සමත් වී තිබෙනවා.

‍මීට අමතරව මෙම පහසුකම මූලිකව ඇමෙරිකානු පුරවැසියන් සඳහා නිකුත් කිරීමට නියමිත වන බවත්, අනෙකුත් රටවල් සඳහා මෙය නිකුත් කිරීමට ප්‍රථමව අදාල රටවල සෞඛ්‍යය සම්බන්ධ ආයතන වලින් අවසර ගත යුතු වන බවත් දැනගන්නට ලැබෙනවා.

කොහොම නමුත් මේ watchOS update එක සහ iOS update එක නිකුත් කිරීමට නියමිත නිශ්චිත දිනයක් ගැන නම් තවමත් දැනගන්නට ලැබෙන්නේ නැති වුවත්, මේ වන විට මෙය beta වශයෙන් සති තුනක කාළසීමාවක් තිස්සේ පරීක්ෂා කරනු ලබන බවත්, තවත් සතියක පමණ කාළයකින් මෙය සියළු Apple Watch සහ iPhone පරිශීලකයින් හට නිකුත් කරනු ඇති බව විශ්වාස කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා Mac Rumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.