SoundCloud යනු ලොව පුරා මසකට මිලියන 76ක් පමණ දෙනා භාවිතා කරන ලොව විශාලතම music streaming සේවාවක්. ඉතින් ලංකාවේ ආරම්භ කරපු මෙවැනිම සේවාවක් ගැනත් අප ඔබව දැනුවත් කලා මතක‍ ඇති.

කෙසේ නමුත් අපි බොහෝ දෙනෙක් භාවිතා කරන Instagram වල පවතින ජනප්‍රියතම අංගයක් වන Stories හරහා SoundCloud වල ඇති track එකක් Share කිරීමට අවශ්‍ය වුවහොත් බොහෝ දෙ‍නෙක් සිදු කරන්නේ Screenshot එකක් ගෙන එය Upload කිරිමක් වැනි දෙයක් වන අතර මෙතෙක් ඒ සදහා සුදුසු ක්‍රමවේදයක් ලැබී තිබුණේ නැහැ.

එම අඩුපාඩුව මගහරවමින් පහසුවෙන්ම ම SoundCloud හි පවතින music tracks Instagram Stories හරහා Share කල හැකි ක්‍රමවේදයක් හදුන්වාදීමට කටයුතු කර ඇති බව SoundCloud සිය නිළ Blog අඩවියෙහි ලිපියක් මගින් දන්වා සිටියා.

Spotify, GoPro වැනි වෙනත් සේවා වලට Instagram සමග සම්බන්ධ වී වැඩ කිරීමට නුදුරේදීම හැකිවනු ඇති බව මැයි මාසයේ පැවති Facebook developer conference එක අතරතුරදී මේ ගැන පළමු වරට ඉඟියක් පල කරමින් Facebook සමාගම කියා සිටියා.

ඉතින් ඔන්න දැන් මේ පහසුකම Android හා iOS හරහා SoundCloud App එක භාවිතා කරන්නන් හට ලැබි තිබෙනවා. කලින් සදහන් කල අකාරයට අදාල music track එක‍ෙහි Share අයිකන් එක මත tap කල පසු "Share to Instagram Stories" ලෙස දැකගත හැකි අතර ඒ හරහා ඉතා පහසුවෙන් sticker label එකක් ලෙස අදාල Music track එක Instagram stories වල Share කිරීමට හැකියාව ලැබෙනවා.

Sticker එකක් පෙන්වන නිසා එය පින්තූරයක කැමති ස්ථානයක ස්ථාන ගත කල හැකි අතර බලන්නා එය මත click කල විට “Play on SoundCloud” ලෙස පෙන්වීමට කටයුතු කරනවා.

මෙසේ Instagram stories වල මෙම Music tracks Share කිරීමට හැකියාව පැවතුනත් Instagram වල සිටම අදාල ගීතයට සවන්දිය නොහැකි අතර එම Music track එක සදහා සවන්දීමට අවශය නම් SoundCloud App එක භාවිතා කළ යුතු වෙනවා.

ඉහත සදහන් කල නව පහසුකම තුළින් කලාකරුවන් හට තම නිර්මාණ වැඩි පිරිසක් අතරට යැවිමට හැකියාව ලැබෙනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ SoundCloud Blog එක හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.