යුරෝපා සංගමය විසින් ඔවුන්ගේ රටවල් වලට දේශ සීමා ඔස්සේ ඇතුළු වීමට උත්සාහ කරනු ලබන පිරිස අතුරින් බොරු කියන්නේ කවුදැයි හඳුනාගැනීම සඳහා අලුත් ක්‍රමයක් අත්හදා බැලීමට කටයුතු කරනු ලබන බව දැනගන්නට ලැබෙනවා.

මේ ව්‍යාපෘතිය iBorderCtrl යන නමින් හැඳින්වෙන අතර හංගේරියාව, ලැට්වියාව හා ග්‍රීසිය වැනි රටවල් වල දේශසීමා වලදී ඉදිරි මාස 6ක කාලසීමාව අතරතුරදී අත්හදා බලන්නට ඔවුන් කටයුතු කරනු ලබනවා.

මේ iBorderCtrl ව්‍යාපෘතිය යුරෝපා හවුල විසින් මුදල් යොදවා සිදු කරනු ලැබූ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් වන අතර දේශසීමා වලින් මාරුවන්නන් සඳහා ඉක්මන් සේවාවක් ලබාදීමේ අරමුණින් මෙය ආරම්භ කර තිබෙන බව ඔවුන් පවසනවා.

මෙහිදී අදාල පුද්ගලයින් හට පරීක්ෂණයට සහභාගී වීමට ප්‍රථමව online application එකක් සම්පූර්ණ කිරීමට හා ඊට අදාල documents කිහිපයක් upload කිරීමට සිදු වන අතර සාම්ප්‍රදායික පරීක්ෂකයෙකු වෙනුවට අදාල ප්‍රශ්ණ කිරීම් සිදු කිරීම සඳහා සිටිනු ලබන්නේ virtual border guard කෙනෙකු වෙනවා.

උදාහරණයක් ලෙස "ඔබගේ suitcase එකෙහි තිබෙන්නේ මොනවාද?" යන්න මෙම පද්ධතිය මගින් විමසූ පසුව, එම පුද්ගලයා එයට පිළිතුරු ලබාදීමෙන් අනතුරුව එම suitcase එක විවෘත කළ විටදී එහි තිබෙන දේ හඳුනාගෙන අදාල ප්‍රශ්නයට ලබා දුන් පිළිතුර සනාථ කර ගැනීමට මෙයට හැකියාව තිබෙනවා.

මේ අතරතුරදී අදාල පුද්ගලයාගේ මුහුණෙහි ඉරියව් webcam පද්ධතියක් මගින් ඉතාමත් සියුම් ලෙස නිරීක්ෂණය කිරීම සිදු කරනු ලබන අතර එයින් ලැබෙන දත්ත හරහා එම පුද්ගලයා අසනු ලබන ප්‍රශ්න වලදී ලබා දෙන පිළිතුරු වල නිරවද්‍යය/සාවද්‍යය බව මැනගනු ලබනවා.

මෙසේ යම් පුද්ගලයෙකුගෙන් අසන ලද ප්‍රශ්න වලට ලබා දෙන ලද පිළිතුරු නිරවද්‍යය බව සනාථ වුවහොත් එම පුද්ගලයා හට අදාල දේශ සීමාව පසුකර යෑම සඳහා අවශ්‍යය වන QR Code එකක් ලබා දෙන අතර එම පුද්ගලයා බොරු කියන බව වාර්ථා වුවහොත්, වෙනත් නිළධාරියෙකු වෙත යොමු කිරීමට ප්‍රථමව එම පුද්ගලයාගේ fingerprint එක, අත්ලේ රේඛා සටහන් හා මුහුණ යන තොරතුරු සටහන් කරගැනීමට කටයුතු කරනු ලබනවා.

කොහොම වුණත් මෙම වැඩසටහන තවමත් අත්හදාබැලීමේ මට්ටමේ තිබෙන බවත්, මීට කලින් පැවති පරීක්ෂණ වටයකදී 76%ක පමණ success rate එකක් වාර්ථා වූ බවත්, මේ වන විට ලැබී ඇති ප්‍රතිඵල අනුව එම මට්ටම 85% දක්වා ඉහළ දැමිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා iborderctrl නිළ වෙබ් අඩවිය හා theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.