Electronic waste එහෙම නැතිනම් Electronic උපාංග නිසා පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීමට යැයි පවසමින් Apple සමාගම විසින් සිය නවතම iPhone 12 series එක සමගින් Power adaptor එකක් හා Earbuds ලබා නොදී සිටීමට කටයුතු කළ බව ඔබ දැනටමත් දන්නවා ඇති.

iPhone 12 ජංගම දුරකථනය සමඟින් Charger එක සහ Earbuds ලබා නොදෙන අතර 20W charger එක වෙනම මිලදීගැනීමට සිදුවන ලකුණු
මෙම වසරේ නිකුත් වීමට නියමිත iPhone 12 මාදිලි සමඟින් EarPods හෝ power adapter එකනොමිලයේ ලබා නොදීමට Apple සමාගම සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා. MacRummors[https://www.macrumors.com/2020/06/28/kuo-no-charger-in-iphone-12-box/], TheVerge[https://www.theverge.com/2020/6/28/21306499/2020-iphones-no-power-adapter-earpods-new-ipads-20w-charger…

නමුත් Apple සමාගම විසින් iPhone 12 series එක සමඟින් USB Type-C to Lightning Port Cable එකක් ලබා දීමට කටයුතු කලද එය වෙළඳපොලේ අප සාමාන්‍යයෙන් භාවිතා කරන USB Type A Charging adaptors සමඟ මෙම cable එක භාවිතා කිරීමට හැකියාවක් නැති අතර, එය භාවිත කිරීමටද Type-C Charging adaptor එකක් වෙනම මිලදී ගැනීමට සිදුවෙනවා.

එමෙන්ම මෙම accessories ඉවත් කලද ඊට අදාළ මිල ගණන් වලින් ආසන්න ප්‍රමාණයක අගයකින් හෝ iPhone 12 series එකේ මිල අඩුවීමක් සිදු නොවූ අතර, මේ නිසා iPhone 12 මිලදී ගන්නා පාරිභෝගිකයින්ට දුරකථනය වෙනුවෙන් අතිවිශාල මුදලකුත්, Charging solution එකක් සඳහා හා Earbuds සඳහා තවත් අමතර මුදලකුත් ගෙවීමට සිදුවී තිබෙනවා.

නමුත් මෙවැනි පසුබිම් වලින් ඉතා ඉක්මනින්ම වාසි ලබා ගැනීමට චීන නිෂ්පාදකයින් සෑමවිටම සමත් වන අතර, ඒ අනුව දැවැන්ත චීන ජංගම දුරකථන නිෂ්පාදකයෙක් හා accessories නිෂ්පාදකයෙකු වන Xiaomi සමාගම විසින් Apple පාරිභෝගිකයන් මුහුණ දෙන මෙම ගැටළුවට විසඳුමක් ලබා දී තිබෙනවා.

ඒ අනුව Xiaomi සමාගම විසින් iPhone 12 සමඟ භාවිතා කල හැකි 20W USB C charging adaptor එකක් හඳුන්වා දී තිබෙන අතර නොවැම්බර් 3 වැනි දින සිට 5$ ක් වැනි ඉතාම අඩු මිලකට මිලදී ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා .

5$ ක් වැනි අවම මිලකට මිල නියම වුවත් මෙම උපාංගය "over-voltage protection, over-current protection, short-circuit protection, over-temperature protection, characteristics of anti-electromagnetic interference හා low ripple, static eletricity ආදියට ප්‍රතිරෝධය දක්වන ඉතා ඉහළ ආරක්ෂණ ක්‍රමවේදයන්ගෙන් පරිපූර්ණ කර තිබෙනවා.

සාමාන්‍යයෙන් Apple සමාගම විසින් අලෙවි කරනු ලබන මෙම ආකාරයේ Type-C Charging adaptor එකක් 19$ ක් පමණ වෙන අතර, ඒ නිසාම Xiaomi සමාගම විසින් හඳුන්වාදෙන මෙම adaptor එක මඟින් Apple හා සමාන quality එකකින් යුත් උපාංගයක් Apple මිලෙන් 70% ක ටත් වඩා අඩු මිලකට මිලදිගැනීමට හැකියාව ලැබීම සුවිශේෂී කාරණයක් වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Android Geek වෙබ් අඩවිය භාවිතා කළ හැක.