Samsung සමාගම දැනටමත් ඔවුන්ගේ smartphones කිහිපයක් සඳහා One UI 3.0 beta testing ලබාදීමට කටයුතු කර ඇති අතර One UI 3.0 සංස්කරණයත් සමඟින් ලබාගැනීමට හැකියාව ඇති ප්‍රධානතම විශේෂාංග කිහිපයක් පිළිබඳව මේ වනවිට Samsung සමාගමෙහි මැලේසියානු වෙබ් අඩවිය විසින් පෙන්වාදෙනවා.

One UI | Apps & Services | Samsung
One UI lets you customize your Samsung mobile experience with creativity, convenience, and a new way of communication that perfectly match your needs.
Samsung සමාගමෙහි මැලේසියානු වෙබ් අඩවිය

එම වෙබ් අඩවිය විසින් වාර්තා කරන විශේෂාංග දෙස අවධානය යොමුකිරීමේදී, One UI 3.0 සමඟ Android 11 multimedia controls සඳහා re-design කරන ලද Quick Panel එකක් ලබාදීමට කටයුතු කර ඇති අතර ඒ හරහා පරිශීලකයන් හට විවිධ apps වලින් music/video playback අතර පහසුවෙන් මාරු වීමට හැකියාව හිමිවෙනවා.

Updated features of Lock screen and Quick panel are available from One UI 3

එමෙන්ම, වැඩි අන්තර්ගතයක්  පෙන්වීම සඳහා notification shade එක redesign කිරීමටද Samsung සමාගම කටයුතු කර තිබෙන අතර One UI 3.0 සංස්කරණය screen size එකට optimize කර ඇති නිසා Galaxy Z Fold 2 device එකද ඇතුළුව ඔබ භාවිතා කරන ඕනෑම Galaxy device එකකට එය අනුගත වෙනවා.

View adjustment of Galaxy Z Fold2 availability may vary by application

Galaxy Z Fold 2 device එක වසා ඇති විට, ඔබට සාම්ප්‍රදායික smartphone interface එකක් පෙනෙනු ඇති අතර එය විවෘත කළ විට, One UI 3.0 ප්‍රධාන screen size එකට ගැලපෙන tablet experience එකකට සමාන අත්දැකීමක් ලබාදෙනවා.

Samsung foldable device පිළිබඳව අදහස් දක්වමින් Samsung සමාගම පැවසුවේ One UI 3.0 සමඟින් Dual Preview සහ Rear Cam Selfie විශේෂාංගයන් Galaxy Fold device එක හරහාද ලබා ගත හැකි බවයි. එමෙන්ම, Galaxy Z Fold 2 පරිශීලකයන් හට දැනටමත් මෙම විශේෂාංග දෙකම ලබාගැනීමට හැකියාව තිබෙනවා.

Full-screen video calls are available from One UI 3 and AR emoji masks are available from One UI 2.5

Samsung සමාගම විසින් One UI 3.0 සමඟින් ඔවුන්ගේ Dynamic lock screen එක categories 5 ක සිට categories 10 ක් වෙත හඳුන්වාදීමට නියමිත බවද වාර්තා වන අතර සමාගමේ වෙබ් අඩවිය පවසන්නේ full-screen video calls පහසුකමද මෙම update එකත් සමඟින් පැමිණෙන බවයි.

ඉහත සඳහන් කළ විශේෂාංගයන් One UI 3.0 සංස්කරණයත් සමඟින් ලැබෙන විශේෂාංගයන්ගෙන් කිහිපයක් පමණක් වන අතර One UI 3.0 සංස්කරණයත් සමඟින් මෙම විශේෂාංගන් ඇතුළුව තවත් නව විශේෂාංග කිහිපයක්ම ලබාගැනීමට හැකියාව ඇති බවට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

එමෙන්ම, One UI 3.0 සංස්කරණය නොවැම්බර් මාසයේ සිට ලබා ගත හැකි බවද Samsung සමාගමෙහි මැලේසියානු වෙබ් අඩවිය පෙන්වාදෙන අතර One UI 3.0 සඳහා සහාය දක්වන devices, regions සහ roadmap එකක් පිළිබඳව විස්තර Samsung සමාගම විසින් තවමත් නිළ වශයෙන් ප්‍රකාශ කර නොමැත.

කෙසේවෙතත්, දැනට නිකුත් කර ඇති beta schedule එකට අනුව, පළමුව One UI 3.0 stable සංස්කරණය S20 series එක සඳහා නිකුත් කරනු ඇතැයි අනුමාන කළ හැකි වන අතර showcase page එකෙහි පැරණි Galaxy Fold සහ නව Z Fold2 යන devices මෙන්ම, Galaxy Tab devices ද highlight කර ඇති බැවින්, තරමක් පුළුල් ආරම්භක නිකුත් කිරීමක් අපේක්ෂා කිරීමටද හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Samsung වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.