Xiaomi සමාගම විසින් Mi Band 6 සංස්කරණය මාර්තු 29 වැනි දින එළිදැක්වීමට කටයුතු කරන බව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා මතක ඇති.

Xiaomi සමාගම විසින් Mi Smart Band 6 සංස්කරණය මාර්තු 29 වැනි දින එළිදැක්වීමට කටයුතු කරන බව නිළ වශයෙන් නිවේදනය කරයි
Xiaomi සමාගමේ Mi Smart Band series එක ලොව පුරා ඉතාමත් ජනප්‍රිය smart bandමාලාවක් බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. පසුගිය වසරේ ජූලි මාසයේදී Xiaomi සමාගම ඔවුන්ගේ Mi Band 5 මාදිලිය එළිදැක්වීමටකටයුතු කළ අතර, එය නිකුත් කළ දිනයේදීම සියළුම units අලෙවි වී අවසන් වූ බව වාර්තාවූවා ඔබට මතක ඇති. Mi Band 5 එක ව…

ඒ අනුව, ඊයේ (29) පැවති Xiaomi Mega launch 2021 event එකේදී Mi 11 series එක ඇතුළු products කිහිපයකට අමතරව Mi Band 6 එකද එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

Mi Band 6 (AKA Mi Smart Band 6) හි Mi band 5 එකට වඩා 50% කට වඩා විශාල screen එකක් දැකගත හැකි අතර එහි sensors, fitness functions සහ health monitoring features රාශියක්ද අන්තර්ගත වෙනවා.

Mi Band 6 සංස්කරණය silicone strap එකක් සමඟින් පැමිණෙන අතර එය කළු, තැඹිලි, කහ, Olive, Ivory සහ නිල් ඇතුළු වර්ණ කිහිපයකින් ලබාගැනීමට හැකියාව තිබෙනවා.

ඊට අමතරව, මෙහි අඟල් 1.56 ක edge-to-edge AMOLED display එකක් අන්තර්ගත වන අතර එහි 152 x 486 resolution එකක් මෙන්ම, 450 nits අගයක් දක්වා brightness එකකින් ද යුක්ත වෙනවා.

එමෙන්ම, මේ සමඟ anti-fingerprint coating එකක් සහිත tempered glass එකක්ද ලබාදීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.

Xiaomi සමාගම විසින් මෙහිදී Mi Band 6 device එක බලගැන්වෙන chipset එක පිළිබඳව සඳහන් නොකළ නමුත්, මෙහි health සහ fitness features රාශියක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

Mi Smart Band 6 උපාංගයේ PPG heart rate sensor එකක්, Sp02 sensor එකක්, 3-axis accelerometer එකක් සහ 3-axis gyroscope sensor එකක් අන්තර්ගත වන බව Xiaomi සමාගම විසින් සඳහන් කරනු ලබන අතර standard model එකට වඩා තරමක් මිලෙන් වැඩි වුවද Mi සමාගම විසින් චීනය සඳහා පමණක් වෙනම NFC edition එකක්ද හඳුන්වාදීමට කටයුතු කරනු ලබනවා.

Mi Band 6 මාදිලියෙහි customizable function module එකක්, fitness modes 30 ක් (ඒවායින් modes 6 ක්ම ස්වයංක්‍රීයව detect කරගැනීමට හැකියාව තිබෙනවා.), 5ATM water resistance පහසුකම, sleep tracking, stress monitoring, female health tracking සහ idle alerts ලෙස විශේෂාංග රැසක්ද අන්තර්ගත වෙනවා.

Mi Band 6 device එකෙහි 125mAh LiPo battery එකක් ඇති අතර, එමගින් වරක් charge කළ පසු මෙය දින 14 කට වඩා වැඩි කාලයක් අඛණ්ඩව භාවිතා කිරීමටද හැකියාව හිමි වෙනවා. එමෙන්ම band එකත් සමඟ ලබාදෙන magnetic charger එක භාවිතයෙන් මෙම device එක පැය 2 කට වඩා අඩු කාලයකදී charge කරගැනීමටද හැකියාව හිමිවෙනවා.

Xiaomi Mi Band 6 / Mi Smart Band 6 සංස්කරණය Chinese Yuan 229 කටද NFC සංස්කරණය Chinese Yuan 279 කට ද අප්‍රේල් මාසයේ සිට චීනය තුළ අලෙවි වීමට නියමිත අතර යුරෝපයේ තුළදී එහි standard edition එක යුරෝ 44.99 ක මුදලකට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.